Headlines

    කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ඇරඹේ

    කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ එමගින් ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේය. පේරාදෙණිය, බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන…

    Read More

    චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

    චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. “අපිට ඒ ප්‍රාන්ත ප්‍රධානියා එකඟතාවය පළ කළා, ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ පහසුකම් නොමිලේ ලබාදෙන්න. ඒ අනුව විදේශ අමාත්‍යාංශය විදියට වෙන්දු නගරයේ…

    Read More

    මාර්ග නීති බිඳින රියදුරන්ට ඉතා පහසුවෙන් දඩ කොළය නිවසටම

    පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් ඊෙය් (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළි දක්වා තිබේ. ඒ අනුව, නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ (CCTV) කොට්ඨාසය…

    Read More

    රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය

    රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති හමුවේදී  ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියේය. තරුණ…

    Read More

    IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරයි 

    ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය  විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා උපයන විට ගෙවන…

    Read More

    අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්

    අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. “අස්වැසුම ප්‍රතිලාභ ක්‍රියාවලිය සමාලෝචනය…

    Read More

    අම්පාරේ කුඹුරු අක්කර 3,000ක් යටවෙලා

    අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වතුර බැසයාමේ අඩුවක් තිබෙනව බවට වාර්තා වන බවයි. ඊයේ (21) දින පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ…

    Read More

    ආපදාවෙන් පීඩාවට පත්ව ඇති පිරිස 20,000 ඉක්මවයි

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට බලපෑම් එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,300ක් වන බවය. එමෙන්ම ආපදාවට පත්ව ඇති පිරිස් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ඔහු පවසයි.  “ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57කට…

    Read More

    එකම ගිණුමකට බැරවෙන මාලිමාවේ මන්ත්‍රී දීමනා

    ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. “නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වුණ ඒ ගමන අපි ඉස්සරහට පවත්වාගෙන යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කරන අතර, ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් පැවසූ…

    Read More

    ආගමන හා විගමන පාලක අධිකරණයට රැගෙන එයි

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්  ආගමන හා…

    Read More