featureNews
අදත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු,…
දුම්රිය ඊ ටිකට් මාෆියාව ගැන CIDය පරීක්ෂණ අරඹයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ Online මඟින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබෙන්නේ…
නිදහස් වූ පලස්තීන සිරකරුවන්
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර තිබේ. ඊයේ (19) දිනයේ ආරම්භ වු සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69…
අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට
අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබේ. ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන වියෙහි පසුවුණි. මෙරට පුවත්පත් කලාවට ගවේෂණාත්මක වාර්තාකරණය හඳුන්වාදුන් පුරෝගාමියා වූ මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් මහතා උපත ලැබුවේ 1949 වසරේ ජූනි 26 වනදාය. අරගලකාරී අදහස්වලින් පිරිපුන් වික්ටර් අයිවන් තරුණ අවදියේදී සිය…
තවත් බිහිසුණු බස් අනතුරක් – 14ක් රෝහලට
අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ…
නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය හා බුද්ධංගල ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් මේ වනවිට ස්ථානගත කර තිබෙන බව නාවික හමුදාව පවසයි. මෙම කටයුතු ඉකුත් 15වනදා ආරම්භ කෙරුණු අතර, ඒ අනුව එම සහන කණ්ඩායම් බුද්ධංගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ දැනටමත්…
මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි – ජනපති
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතර, කටුකුරුන්ද වෙට්ටුමකඩ පාකිස්ථාන් ක්‍රීඩා පිටියේ පැවති සුහද හමුවකට අද පස්වරුවේ එක්විය. “අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා…
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින්…
නැගෙනහිරට සහ ඌවට අදත් මි.මී 150 ඉක්මවූ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවය. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. …