Headlines

    ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

    පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරුවන් අතරට මාලදිවයින් ජාතිකයකුද ඇතුළත් වේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන…

    Read More

    ගාසා සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

    ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම අනතුරුව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිත අතර, ඉරිදා වන විට පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

    Read More

    අමෙරිකාවේ TikTok තහනම් කිරීමට නියෝග

    එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුවය. ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් වේ. 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස…

    Read More

    ක්ලීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාදය ලබන සතියේ

    පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වී ඇත. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. මේ අනුව ජනවාරි 21 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා…

    Read More

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමක්

    වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුවිය. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතරය. මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා…

    Read More

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම අද (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය. ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබේ. ඒ අනුව වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු…

    Read More

    රුපියල් කෝටි 28ක් සමග කොටුවු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

    මෙතෙක් ඉතිහාසයේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව තිබේ. ජාවාරම්කරු බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිඳිමින් ජාවාරම මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි. එම සෝදිසියේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ්…

    Read More

    ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පෙරේදා (16) පාර්ලිමේන්තුවේදී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුව තිබේ.  මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුළ ඇතැම් ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව සාකච්ඡා වූ බවත් එහිදී එම ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂඥ දැනුම සහ සහාය ලබාදීමට සුදානම් බව නාවික…

    Read More

    19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය අද සිට

    වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී අද (18දා) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 6ක් පැවැත්වෙන අතර, ඉන් සමාරම්භක තරගය ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර බංගිහිදී පැවැත්වේ. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටය ‘A’,’B’,’C’ හා ‘D’ ලෙස කාණ්ඩ 4කින් සමන්විත වේ. මූලික වටය ජනවාරි 23 වනදා දක්වා පැවැත්වීමට…

    Read More

    අද සිට වැස්ස වැඩිවෙයි

    අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…

    Read More