featureNews
පස්සරදී බස් රථයක් අනතුරකට – 13 දෙනෙක් රෝහලට
කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව අප වාර්තාකරු පවසයි. අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ. අද (11)…
අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවෙයි
වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් පවතින බවය. ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබුණි. ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක…
කූට ලේඛන සැකසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් කූට ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 48ක් වන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක්…
අද මිලිමීටර් 100ට වැඩි තද වැසි
අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි. ඒ අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්…
චීන වෛරසය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවය. එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ…
ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බව වාර්තා වේ. මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ නැති වූ භාණ්ඩ ගැන විමර්ශනයක්
ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබී පසුගිය කාලයේ අස්ථානගත වූ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව ප්‍රසම්පාදන නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගෙන…
COPF සභාවෙන් රෙගුලාසි තුනකට සහ නියෝගයකට අනුමතිය
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි 4න් 3ක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ, සභාපතීත්වයෙන් පෙරේදා (07) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුකර තිබුණි. මෙහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත්…
දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්
ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,
තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානයේ සහාය
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න මහතා හමු වූ අවස්ථාවේදීය. එමෙන්ම, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනම් කිරීමට අපේක්ෂා කරන බව ද…