Headlines

    Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය

    ‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත. අදාළ පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.

    Read More

    ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය  

    ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි. ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක…

    Read More

    නීතිවිරෝධීව කොරියාවේ සිටින පිරිස් ගෙන්වීමට පියවර

    නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.  ඔහු පැවසුවේ, එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය. රැකියා සඳහා යොමුවන පිරිසගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට…

    Read More

    මෝටර් රථ ආනයනය සම්බන්ධයෙන් ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබේ. එමෙන්ම , බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ…

    Read More

    උතුරු – නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්…

    Read More

    උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්

    උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසීය.  එමෙන්ම වාර විභාගයේ 11 ශ්‍රේණිවල ප්‍රශ්න පත්‍ර කිහිපයක් කලින් පිටකිරීම සම්බන්ධයෙන් ද පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්…

    Read More

    උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

    උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. “හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රට තුළ අනීතික නැහැ. නමුත් එය කිසිම විදිහකට නියාමනය වෙන්නනේ නැහැ. ඒ නිසා…

    Read More

    Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

    Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.

    Read More

    ජනවාරි තුන්වන සතියේ සිට වී මිලදී ගැනීමට රජය සූදානම් වෙයි

    ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය. ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ…

    Read More

    ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

    ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පවත්වා තිබේ.  මෙහිදී නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර…

    Read More