featureNews
උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය. විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත. මෙම සාකච්ඡාව සඳහා…
සුනඛයෙකු නිසා සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් ට දිවි අහිමි වෙයි
රාජාංගනය, අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (05) රාත්‍රියේ ත්‍රිරෝද රථය මෙලෙස පෙරළී ඇත්තේ මාර්ගය හරහා ගිය සුනඛයකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී බවය. ත්‍රිරෝද රථයේ රියදුරු…
වවුනියාවේ මී උණ ශීඝ්‍ර ව්‍යාප්තියක
ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදී එලෙස සඳහන් කළේය. පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ…
පළාත් කිහිපයකට වැසි
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත…
අස්වැන්නට හානි කරන පණු උවදුරක්
පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන්ට අද වනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙනි. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත. ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද…
අතරමග නතර වුණ දේවාලේ දේව කාර්යය
සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය. ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවටය. හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි. එම…
මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර…
නව ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩුව ගැන දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්
විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බව වාර්තා වෙයි. 2022 වසරේ ජුනි මස…
ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන 500ක එන්තරවාසියක් යොමු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වේ. හිතාමතා, සැලසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේශසගහගත ප්‍රචාරයන් සම්බන්ධයෙන් මෙලෙස වන්දි ඉල්ලා සභාපතිවරයා විසින්…