featureNews
ත්‍රිපෝෂ සමාගම ඈවර නොකිරීමට තීරණයක්
කඳානේ පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. ඒ ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ පැවැති රජයන් මෙම ත්‍රිපෝෂ සමාගම සංවර්ධනය…
ජනපති සහ නීතිපති අතර හමුවක්?
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මෙ අතර අපරාධ නඩු පවත්වාගෙන යෑමේදී සිදුවන අපහසුතා පිළිබඳවද මෙහිදී අවධානයට ලක් වනු ඇති බව සඳහන්ය.
මිලියන 50ක කෘෂි රසායන නීතිවිරෝධීව ගෙන්වූ 4ක් කොටුවෙයි
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ එහිදී නිලධාරීන් භාරයට ගත් කෘමි…
පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත…
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 8 වැනිදායින් නැවත ඇරඹෙයි
මතභේදයට තුඩුදුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ඒ අනුව ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු යළි ආරම්භ කරන බවය.
අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට
අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව…
එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි
පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ. මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළ අයත්ය. එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි. මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය,…
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියේය. ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන…
බස් රථවලින් වැඩි මුදල් ගන්න වේලාසටහන්කරුවන්ට වැඩ වරදියි
පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පියවර ගෙන ඇත. වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර ඊයේ (03) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සභාපතිවරයා මේ බව පවසා ඇත. වේලාසටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළකරයි. මේ සම්බන්ධයෙන්…
ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි
ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි. මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි. 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක්…