featureNews
චීනයේ පැතිරෙන වෛරසයේ අලුත්ම තත්ත්වය
චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් චීන බලධාරීන් වාර්තාවක් නිකුත් කර තිබේ. චීනය පවසන්නේ එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි. ශීත සමයේ දී මෙවැනි වෛරස පැතිරයාම සාමාන්‍ය කරුණක් බවත්, මෙවර ශීත සමයේ දී එහි යම් අවම වීමක් දක්නට ඇති බවත් චීනය පවසයි. එමෙන්ම චීනයට සංචාරය…
සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද (5) බොරැල්ල පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතව ඇත. ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. සූරියප්පෙරුම මහතා පසුගිය 2වනදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යනවිට 96 වියේ පසුවිය.
අපනයන වෙළෙඳපොළ වෙනුවෙන් කාබනික සීනි නිෂ්පාදනය කිරීමට අවධානය
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් විය. එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත් දැනට ලංකාව තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනිවල…
සතොස හරහා වී මිලදී ගැනීමට රජය සැරසෙයි
මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන…
කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය. සැකකරු ඊයේ (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්…
ටෙස්ලා අලෙවියට අභියෝග කළ BYD
ලෝකයේ විද්‍යුත් වාහන අතර ප්‍රමුඛයා වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ මෝටර් රථවල ගෝලීය අලෙවිය ගතවූ 2024 වසරේදී ප්‍රථම වරට පහත වැටෙද්දී, චීන වෙළෙඳපොළ තුළ ටෙස්ලා වාහන අලෙවිය 2024 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 වසරේදී ටෙස්ලා විද්‍යුත් වාහන 6,57,000ක් චීනයේ අලෙවි වී තිබෙන්නේ 8.8%ක කැපී පෙනෙන වර්ධනයක් සලකුණු කරමිනි. අමෙරිකාව හැරුණුකොට ටෙස්ලා විද්‍යුත් වාහන…
මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්
මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි
දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ එය රුපියල් මිලියන 1,958,088ක් බවය. මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.
කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් ඊයේ (03) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299.13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,049.42 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 46.05 කින් පහළ ගොස් ඒකක 4,925.82 ක් ලෙසින් වාර්තා…
සීගිරියේ සංචාරක ගැටලු විසඳීමට සාකච්ඡාවක්
දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර…