featureNews
නව ජාතික බුද්ධි ප්‍රධානී ධුරයේ වැඩ අරඹයි
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි…
තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 2025 වසරේ නව…
අද කාලගුණය
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද…
සංගා හා මහේල ජනපතිට දුන් ශක්තිය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සංගක්කාර මහතා මේ බව පවසා සිටියේය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ…
5 ශිෂ්‍යත්වයේ අර්බුදය අවසන්
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා ඊයේ (1) පස්වරුවේ මේ බව පවසා සිටියේය. ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ…
රථ වාහන පැමිණිලි ක්ෂණිකව දැනුම්දෙන්න පොලීසියෙන් e-Traffic
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට…
ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ. රජය විසින් 2024 වසර සඳහා ලබා…
නව වසරේ අභියෝග ගැන හෙළි කරන ජනපති
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව පවසන ජනාධිපතිවරයා නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව වසර ආරම්භ කර ඇතැයි ද පැවසීය. නීතිය විධානය අධිපාත්‍ය…
කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත. මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස්…
නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක්…