featureNews
LTTEය සමග සටන් විරාමයකට ගිය හේතුව රනිල් කියයි
2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙහි ප්‍රධාන දේශනය පවත්වනු…
කුරුඳුවලින් රටට හොඳ කලක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට…
උත්සව සමයේ කොළඹ කැළිකසළ වැඩිවෙයි
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වනවිට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක් වූ පාලිත නානායක්කාර මහතා, “උත්සව සමය නිසා අපේ සාමාන්‍ය…
ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – ආචාර්ය මන්මෝහන් සිං
ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය. ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය….
විදුලි ගාස්තු ගැන මහජන අදහස් ලබාගැනීම අද සිට ඇරඹෙයි
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ඇත. නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින්…
කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) ඒකක 232.13කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,400.53ක් ලෙස සටහන් වුණි. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 7කි.
මහින්දගේ ආරක්ෂක තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව
රාජ්‍ය බුද්ධි තොරතුරු අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (26) BIG FOCUS වැඩසටහනට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ ආරක්ෂක තත්ත්වයත් තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට හැකියාව පවතින බවය. “මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන…
රට හාල් නිෂ්කාශන කටයුතු අද සිට යළි අරඹයි
නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය. රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික…
ලබන වසරේ පොලීසියේ ස්ථාන මාරු මාස 6කට කල්යයි
2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස…
විසි වසරකට පසු පැරෑලියේ දුම්රිය ගමන
සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි. පැරෑලියේදී එම ඛේදවාචකයට මුහුණදුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයකි. එහි සිටින පිරිස, පැරෑලිය දුම්රිය ස්ථානයේදී මිනිත්තු 10ක් පමණ කාලකයක් නවතා සුනාමි සැමරුම සඳහා…