Headlines

    රාත්‍රී කාලයේ රථ වාහන නවත්වන ක්‍රමවේදයේ වෙනසක්

    රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර…

    Read More

    සුනාමි ව්‍යසනයට වසර 20ක් – මියගිය පිරිස සිහිකර නිහඬතාවයක්

    ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” අද සැමරීම සිදුකරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.  2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000 කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන්…

    Read More

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. මේ වසරේ…

    Read More

    විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

    විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

    Read More

    වැසි රහිත කාලගුණයක්

    උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    Read More

    ඇදවැටුණු මිනිසුන් යළි නගා සිටුවන මිදුම

    මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ මෙරට තරුණ පරපුර විනාශය දක්වා රැගෙන යන ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්වී තිබේ. එවැනි වූ වටපිටාවක මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමඟ ගිය තරුණ ප්‍රජාව යළි සුමඟට ගෙනඑන “දයාවේ සෙවනක්” අද දෙරණ අපට හමුවිය. මෙවර ‘අද දෙරණ’ නත්තල් චාරිකාව, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන “මිදුම” ආයතනය පිළිබඳවය.  කොළඹ අගරදගුරු පදවියට අයත් දයාවේ සේවා ආයතනයක් වන “මිදුම”…

    Read More

    පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

    පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය. තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි. ඒ අනුව නත්තල් උදාව මැද…

    Read More

    ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

    කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව, හෙට (26) දින පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක්…

    Read More

    මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව…

    Read More

    හිමමත ලිස්සායාමේ ශූරියක් අවසන් ගමන් යයි

    ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබේ. ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් විය. ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ…

    Read More