featureNews
අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමේ යෝජනාවට එරෙහිව විරෝධයක්
අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන ආ යෝජනාව සම්බන්ධව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරවීමට මෙමගින් උත්සාහ දරා ඇති බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව…
වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇතැයි ද සඳහන්. පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණි. එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබේ. ඇය වෘත්තියෙන් ගුරුවරියකි….
සංශෝධනය කළ අස්වැසුම ගෙවීම් ගැසට් කෙරේ
සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ. ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබේ. තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන…
දේශයේ වගකීම් වෙනුවෙන් එක්වෙමු
නත්තල යනු වාද භේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමඟියෙන් හා සාමයෙන් කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නත්තල් දින සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සියලු ජන කොටස් ඒකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමූහික වගකීමක් සේ සලකා දේශයේ වගකීම් වෙනුවෙන් එකමුතු විය යතු බවය. වර්ථමානයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය දැවැන්ත සමාජ පරිවර්ථනය…
අසිරිමත් නත්තල උදා වෙයි
කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා විය. කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි. බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවය. තත්තල් සමයේදී සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරීයන යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෙත්ලෙහෙම නගරය හුදකලා වූයේ 2023 එක්තෝම්බර්…
බස්නාහිර ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම නවතියි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා…
රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර…
උද්ධමනයේ ලොකු වෙනසක් – ආහාර උද්ධමනය බිංදුව වෙයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2024 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය -0.7%ක් ලෙස වාර්තා වූ බවයි. එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා සහ…
ලුණු ආනයනයට ටෙන්ඩර් කැඳවයි
ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ. රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි. 2025 වසරේ ජනවාරි මස 31 වනදා ට…
MOODY’S ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ දමයි
ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY’S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබේ. ඒ ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නංවා දින කිහිපයක් ඇතුළතදීය. MOODY’S ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ” Ca…