featureNews
ඇල්බේනියාවේ TikTok තහනමක්
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි…
ආනයනය කරන ලද MOP පොහොරවල ප්‍රමිතිය ගැන හෙළි වූ දේ
රුසියානු රජයේ සමාගමක් විසින් නිෂ්පාදනය කර මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් MOP පොහොර තොගයේ ප්‍රමිතිය සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර යම් කතාබහක් නිර්මාණය වී තිබූ අතර ඒ සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව ආනයනය…
පසුගිය වසරේදී ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිරින්
පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවය. කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ….
සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනයකර අවසන්
සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද ප්‍රකාශ කළේය. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණි. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන ගැසට්ටුව නිකුත් කෙරේ
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත…
බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලැබෙන සහන
පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් ඔබ්බට සිදුකිරීමේ…
රන් මිල සුළු වශයෙන් ඉහළට
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙසය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 210,000ක් දක්වා රුපියල්…
අසිත ග්ලැමෝගන් සමගින් ගිවිසුම් ගතවෙයි
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු එංගලන්තයේ ප්‍රධාන පෙළේ ප්‍රාත්ත ක්‍රිකට් සමාජයක් වන ග්ලැමෝගන් ක්‍රීඩා සමාජය සමගින් ගිවිසුම් ගත වී ඇත. ඒ අනුව ඔහු ග්ලැමෝගන් කණ්ඩායම නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ක්‍රීඩකයා බවට පත්වනු ඇත. කෙසේ නමුත් අසිත මීට පෙර එරට නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර තිබේ. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩය (Division…
ආචාර්ය නාමය ගැන තිදෙනෙකුගෙන් CID ප්‍රකාශ ගනී
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ “ආචාර්ය” නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඊයේ (20) පාර්ලිමේන්තුවට පැමිණි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය. තමාට නොමැති ආචාර්ය නාමයක් පාර්ලිමේන්තු…
දුනිත් ඉවත්කළ හේතුව චරිත් කියයි
නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…