featureNews
ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ නවතම වාර්තාව අනාවරණ කර තිබේ. ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවය. ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ…
ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්
නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය. අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
ජනපතිගේ නව බදු ප්‍රතිපත්තියට වෘත්තියවේදීන් ගත් තීරණය
ආදයම් බදු සම්බන්ධව ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධව සිය සංගමය සතුටු වන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි. එම එකමුතුව වෙනුවෙන් ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ පසුගිය කාලයේදී වෘත්තීයවේදීන්ගේ වැටුප බද්දට යටත් වීම හේතුවෙන් වෘත්තිකයන් විශාල පිරිසක් රට අත්හැර ගොස් ඇති බවය. එමෙන්ම මෙම බදු…
ව්‍යවසායකයන්ගේ බැංකු ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි අයුරු
බැංකු ණය ලබාගෙන එම ණය නැවත ගෙවීමේ අර්බුදයකට ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, එම ණය ප්‍රතිව්‍යුහගතකිරීමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ට ගෙන ඇති තීරණය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය තවමත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ…
සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින නිවේදනය කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ නිවේදනය කළේය. විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවය. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු…
සහල් මෙට්‍රික්ටොන් 16000ක් ගෙනත්
සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ඊයේ (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි. ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වෙයි. රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව පැවසීය. පසුගිය දෙසැම්බර් 04 වනදා…
ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ගොනුකළ පෙත්සම්වල තීන්දුව 31වනදා
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊෙය් (18) අවසන් කළේය. ඒ අනුව එහි තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ…
රඳවා තබා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළට
රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ පැහැදිලි කිරීම පහතින් දැක්වෙයි, “රඳවා තබාගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට අපි එකඟතාවයකට ආවා.” “සාමාන්‍යයෙන් වැඩිහිටි අය, විශ්‍රාමිකයන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුවල තැන්පත් කරලා…
කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ. අදාළ ගිණුම් දෙකෙහි ශේෂයන්හි එකතුව රුපියල් ලක්ෂ 200ක් පමණ වේ. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව පෙරේදා (17) දින සිට අදාළ අත්හිටුවීම සිදුකිරීමට නියෝග කර…
පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට ඉඩ
2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. “එයත් එක්ක ගොඩනැගුන කර්මාන්තයක් තියෙනවා. ව්‍යවසායකයින්…