featureNews
PAYE tax වෙනස් වෙන්නේ මෙහෙමයි
උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. “තුන්වෙනි සමාලෝචනය පටන් ගන්නකොට අපේ යෝජනාවන් වුණේ වෘත්තීයවේදීන් මත පනවා තිබූ උපයනවිට ගෙවන බද්ද පිළිබඳව. “අපි නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂයකට උඩ. අපි එය 150,000…
පොල්වතු හිමියන්ට සහනාධාරයක්
වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව සමන්ත විද්‍යාරත්ත නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, දිවයිනට ආනයනය කළ පොහොර මෙට්ට්‍රක්ටොන් 55,000න් මෙට්ට්‍රක්ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට නියමිත බවය. “අපේ අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක තියෙන පොල් වතුවල අවුරුදු 5කින් පොහොර දාලා නෑ. ඒ කියන්නේ අස්වැන්න අඩුයි….
රජයේ මුදල් කාරක සභාවේ මුල් පුටුව හර්ෂට
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒ බව නිවේදනය කළේය. එම කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරු වන්නේ, හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය.
මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන…
හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට විදේශ ගතවීමට අවසර
අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණ අවසර ලබා දුන්නේය. හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු…
දිවුලපතන ගම්මානයේ අවනඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට
සිංහල ජනතාව බහුල වශයෙන් වාසය කරන අම්පාර දිස්ත්‍රික්කයේ “දිවුලපතන ” ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂිත මුර කපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස රජයේ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්…
ශිෂ්‍යත්ව විභාගය ගැන ඉදිරිපත්කළ පෙත්සම් ගැන දුන් නියෝගය
ඉකුත්දා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ විය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ…
යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව පරීක්ෂාකර අධිකරණයට දන්වන්නැයි නියෝගයක්
යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳව මාසයක් පුරා අඛන්ඩව පරීක්ෂණ කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය. එවැනි පරීක්ෂණයකදී යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයාබලා…
හිටපු ජනපති රනිල්ගෙන් ජනපති අනුර ට ප්‍රශංසා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපීය බලශක්ති සහ කාර්මික…
2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.5% ක වර්ධනයක්
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්…