featureNews
රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම පරිශ්‍රයන් හා…
ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය ලැබෙන විදියේ වෙනසක්
ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා එම සහනාධාරය ලබාදීමට නියමිතය. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර නිෂ්පාදනය කිරීම ඇතුළු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම යටතේ මෙම ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට තීරණය කර ඇත. එමෙන්ම…
නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය ඇත. මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක්…
උදයංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි. මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට…
2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30…
වාහන ආනයනය ගැන කැබිනට් තීන්දුව ඇමති නලින්ද හෙළිකරයි
ඉදිරියේදී යම් සීමාකිරීම් සහිතව වාහන ආනයනට ඉඩදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඊයේ (09) පැවති දෙරණ 360 දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. “අන්තිම කැබිනට් මාධ්‍ය හමුව කලින් මාධ්‍ය හමුවට අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී වෙලා හිටියා. ඔහු එතනදී වාහන ආනයන සම්බන්ධයෙන් අපේ…
දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් – ගැසට්ටුව එළියට
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක උපරිම තොග මිල රුපියල් 215ක් ලෙසත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙසත් සඳහන්ය. දේශීය නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 225ක් වන අතර…
ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණයට තරගකළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක් ද ආදායම් වියදම්…
බාර් ලයිසන් වැරදි ක්‍රමයට පිනට දීලා නැහැ – රනිල්ගෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බවත්, එමගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයා ඇති බවත් ඒ මහතාගේ කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනය නිකුත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත්කර ඇතැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින්ය. එහි අවධාරණය කර…