featureNews
එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (9) පැවති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික…
සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විදුලිබල මණ්ඩල සේවකයින්ගේ ප්‍රසාද දීමනාව ගැන අවසන් තීරණය
ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, එවැනි ප්‍රසාද දීමනාවක් මේ අවස්ථාවේදී ලබා නොදීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බව එහි අධ්‍යක්ෂ…
එජාප හිටපු නාගරික මන්ත්‍රීට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය. එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුව මෙම…
හිටපු ජනපති රනිල් ට අපරාධ චෝදනාවක් – ඩලස් ජනපති අනුරට ලියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි. එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත….
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා වෙත අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබා දී තිබුණි.
වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී ගැනීම හෝ ඒවා විකිණීම සම්බන්ධයෙන් කලබල විය නොමැති බව එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේය. “මේක දැන් ගෙන්වීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද අපි දැන් වාහනයක් නැතුව අවුරුදු 4ක්…
නාවික හමුදාවේ 2,138කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2,138 ක් අද දින සිට උසස් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින්…
විභාග රාජකාරි දීමනා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්
විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ විභාග කොමසාරිස් වරයා ඊයේ (08) නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති බවයි. “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින් පවතිනවා….
ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුමට ආ ජනපති කළ හෙළිදරව්ව
තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවය. ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික…