featureNews
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදයක්
සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසා සිටියේ, සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවය. කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23…
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගෙන් චෝදනාවක්
සහල්වල පැවැති මිලට වඩා රුපියල් 10කින් මිල ඉහළ දමා විකිණීමට එකඟතාවයකට පැමිණ ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ.කේ සේමසිංහ මහතා සහල් සඳහා රජය විසින් මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඒ බව සඳහන් කළේය. “සහල්වල තිබුණු මිලට වඩා රුපියල් 10කින් ඉහළ දමලා විකුණන විදිහට…
මෙරට ආහාරවල තත්ත්වය ගැන නවතම හෙළිදරව්වක්
ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙරට තැලසීමියා රෝගයේ සහ වකුගඩු රෝග ව්‍යාප්තියද ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් අතරින් සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය…
සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි – ජනපති රටින් පළායයි
සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබේ. ඒ දශකයකට අධික කාලයක් පුරා සිරියාවේ පැවති යුදමය වාතාවරණය තීව්‍ර කරමින් එරට ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීමත් සමගයි. කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයේ ද සිය පාලනයට නතු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් මේ වනවිට ඩැමැස්කස් අගනුවරට ද…
ලුණු නිෂ්පාදය සියයට 40කින් පහළට?
මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය…
සහල් මාෆියාව සිදුවෙන හැටි හෙළිවෙයි
සහල් වර්ග 04කට ජනවාරි සිට දැඩි ලෙස පාලන මිල ක්‍රියාත්මකළ යුතු බව ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක අරුණකාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සහල් මාෆියාව සිදුවන ආකාරය විස්තර කළේය. “අවුරුදු දෙක තුනකට සැරයක් ප්‍රධාන සහල් මෝල් හිමියන් කීරි සම්බා මිල ඉහළ දානවා. කීරි සම්බා මිල ඉහළ දාපු ගමන් ඊළඟ කන්නයේදී ගොවියෝ එ්ක වගා…
ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වූ අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය. මෙම පද්ධතියේ…
සහල් තොග සම්බන්ධයෙන් ජනපති තීරණයක් ගනියි
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය. ජනාධිපති අනුර…
මේ වසරේදී පොල් අස්වැන්න අඩුවීමට හේතුව මෙන්න
පොල්මිල මේ වන විට වෙළෙඳපොළ තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට ආණ්ඩුවට පවා මැදිහත්වීමට සිදුව ඇත්තේ, පොල් හිඟය සහ අධික මිල හේතුවෙනි. ඉතිහාසයේ සිට අප ආහාර රටාව හා බැඳුණු පොල් මෙතරම් මිල ගියේ කෙසේ ද ? මේ ඒ පිළිබඳව දෙරණ අප කළ විශේෂ සොයාබැලීමකි. පොල්කිරි ශ්‍රී ලාංකේය ආහාර රටාව සමඟ බැඳුණු අත්‍යාවශ්‍ය දෙයකි. ඒ නිසාම සෑම නිවසකම…
දකුණු කොරියානු ජනපති පුටුව රැකගනී
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණි. දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි. දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වුණි. දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන්…