Headlines

    උත්සව සමයේදී හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට පියවර

    හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවය. කෙසේ නමුත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරක මිල තීරණය වන බැවින් ඉදිරි…

    Read More

    රිදියගම හැඩකරන ඩෝරා සහ ලාරාගේ සිංහ පැටව්

    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ. ඒ එම සෆාරී උද්‍යානයේ සිංහ ධේනුවන් දෙදෙනෙකු පැටව් තුන් දෙනා බැගින් බිහි කිරීමත් සමග. මෙලෙස පැවව් බිහිකර ඇත්තේ ලාරා සිංහ සහ ඇගේ දියණිය ඩෝරා වන අතර, පැටව්න්ගේ වයස මසකට වැඩි බව සෆාරි උදානයේ නිලධාරින් පවසයි. ඩෝරා යනු මීට වසර කිහිපයකට පෙර ලාරා…

    Read More

    පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය

    පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

    Read More

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද (07) පස්වරු 2ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) පස්වරු 2ක දක්වා වලංගු වෙයි. ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….

    Read More

    සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි

    සතොස හරහා ගෙඩියක් රුපියල් 130 ට අලෙවි කරන පොල් තොග සහ වෙළෙඳපොළට බෙදාහරින සහල් අද (05) දහවල් කාලයේ දී සතොස අලෙවිසැල් වෙත ලැබීමට සලස්වන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි. එහිදී, එක් අයකුට වරකට පොල්ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් ලබාගත හැකි බව බව ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව, කොළඹ…

    Read More

    අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න

    2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය වන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයටය. එම ප්‍රමාණය රුපියල් බිලියන 220.06කි….

    Read More

    මාස 4කට රනිල් ට වෙන්කළ මුදලම ජනාධිපති අනුරටත් වෙන්කරලා – කබීර්ගෙන් චෝදනාවක්

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 මුල් මාස හතර සඳහා වෙන්කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත්කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට ද වෙන්කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් එම…

    Read More

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කළේය. ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම…

    Read More

    රශීඩ්ගෙන් ආයාචනයක්

    තලේබාන් රජය එරට කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳ නැවත සලකාබලන මෙන් ඇෆ්ගනිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉල්ලීමක් කර තිබේ. ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට වෛද්‍ය පුහුණුව ලැබීම හා අර්ධ වෘත්තීය පුහුණුව ලැබීම තහනම් කරමින් තලේබාන් නායක හිබතුල්ලා අකුන්සාඩා පසුගිය සඳුදා නියෝගයක් නිකුත් කළේය. ඔහුගේ එම නියෝගයට ප්‍රතිචාර දක්වමින් රශීඩ් සිය ‘X’ ගිණුම හරහා මෙම ඉල්ලීම…

    Read More

    විදෙස්ගත ශ්‍රමිකයින්ට නිකුත්කළ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන විගණනයක්

    විදෙස්ගත ශ්‍රමිකයින්ට සම්පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට ක්‍රියාත්මක කළ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකර තිබේ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව කථානායක අශෝක රන්වල මහතා අද (05) පැවසීය.   ඒ සම්බන්ධයෙන් 2022 මැයි 01 වනදා සිට 2023 සැප්තැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක කළ එම යෝජනාක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් එම විගණනය සිදුකර තිබේ.

    Read More