featureNews
අතුරු සම්මත ගිණුම ගැන විවාදය ඇරඹෙයි
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තොරතුරු හෙළිකරමින් ඊට අදාළ විවාදය ආරම්භ කළේය. “අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී) හැර රුපියල් බිලියන 1000කුත්, ප්‍රාග්ධන…
අද කාලගුණය
මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
පළාත් පාලන නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක්
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා
බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය…
අසරණ පාසල් දරුවන් සඳහා දීමනාවක්
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි.
අග්‍රාමාත්‍ය සහ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ තනතුරු කිහිපයකට අනුමැතිය
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැනට පවතින අතිරේක ලේකම් තනතුරු පුරප්පාඩු 02ක් සඳහා පත් කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මෙම…
එක්ස්ප්‍රස් පර්ල් – දත්ත ගබඩාව අක්‍රිය වෙලා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින…
රජය සතු අධි සුඛෝපභෝගී වාහන ඉවත්කිරීමට යයි
රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය. රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය…
පාර්ලිමේන්තුවේදී මට ගැහුවා – මන්ත්‍රී අර්චුනා
අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය. “මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක allocate කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය…
ආපදාවෙන් සෘජු හා වක්‍රව පීඩාවට පිරිසට සහන සැලසීමට රජයේ අවධානය
පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආපදාවට පත්ව ඇති ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය පිළිවෙත් යොදන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවය. ඒ…