featureNews
මාසික ගෑස් මිල සංශෝධනය හෙට
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය. මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක්…
සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි
සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මෙම වර්ෂයට අදාළ ව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා නිෂ්පාදන බලපත්‍ර නිකුත් කර ඇති බවය. සුරාබදු නොගෙවූ සමාගම්වලට හිඟ බදු ගෙවීම සඳහා නොවැම්බර් මස 30…
සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය අනුරාධට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම්කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ අනිද්දා ශ්‍රී ලංකාවට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්යංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය. කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව…
තාවකාලිකව නතර වූ උසස් පෙළ විභාගය හෙට සිට යළි ඇරඹෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව යළිත්…
පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මරුවීම් ලබාදී…
ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන්…
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ. ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (02) ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
හිටපු අමාත්‍ය මහින්දානන්දට එරෙහි කැරම් බෝඩ් නඩුව අද යළි කැඳවයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද යළි විභාගයට ගැනුණි. ඒ ප්‍රදීප් හෙට්ටිආරච්චි ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීය. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ…