
featureNews

ඔටිසම් දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට
වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ 2009 වසරේ දී මෙරට සිදුකළ සමීක්ෂණයක දී දරුවන් 93 දෙනෙකුගෙන් එක් අයෙකු ඔටිසම් සහිත දරුවෙකු බවට හඳුනාගෙන ඇති බවය. ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට…

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
දකුණු, නැගෙනහිර සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය…

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම ඊයේ දිනයේ සජීව…

ත්‍රිවිල් ගාස්තුව ගැන තීරණයක්
ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවය….

ජපානයට ප්‍රබල භූකම්පනයක අනතුරු ඇඟවීමක්
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බව ද එම වාර්තාවල සඳහන්ය. ජපාන රාජ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් බවය. එම භූකම්පනයෙන් ජීවිත 300,000ක්…

ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශයේ අවධානයට
ගෝලීයව සිදුවන භූ කම්පන ගැන මෙරට භූ විද්‍යා අංශයේ අවධානයට මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. සුමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බව එම කාර්යාංශය සදහන්…

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන 2000 ඉක්මවයි
පුද්ගලයින් 2000කට අධික පිරිසකට මරුකැඳවමින් සිදුවූ භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. මියන්මාර හමුදා පාලනය විසින් අප්‍රේල් මස 06 වන දින දක්වා එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය 28 වනදා මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 2000කට අධික පිරිසක් මියගොස් ඇති බවට මේ වන…

ලාෆ්ස් ගෑස් මිල ඉහළට
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645…