Headlines

    උසස් පෙළ විභාගය ගැන තීරණය 29වනදායින් පසුව

    පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,…

    Read More

    මෑත ඉතිහාසයේ ගොඩබිම ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම

    රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් ගාල්ල, මාපලගම ප්‍රදේශයේදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබේ. ඒ සමග සැකකරුවන් 10 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාතර, ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයට බෝට්ටුවක් මගින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී…

    Read More

    උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය.  ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි. ඒ…

    Read More

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන 

    ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ පිළිබඳ යළි විමර්ශන ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. “යහපත් රාජ්‍යක් ගොඩනගනවා නම් එහි ප්‍රධානම පදනමක් බවට නීතියේ විධානයේ ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යක් හැටියට ජනාධිපතිවරයා ලෙසත්…

    Read More

    පාසල් නිවාඩුව හෙටින් පසු ඇරඹෙයි

    2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024. 11. 22 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් දැනුම්දෙයි. ඒ, රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා ය.  ඒ අනුව හෙට දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වෙයි.  මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024….

    Read More

    නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙති

    නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,  01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02. නාමල් කරුණාරත්න මහතාකෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය 03. වසන්ත පියතිස්ස මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා…

    Read More

    උද්ධමනය අඩුවෙයි 

    2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක්…

    Read More

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් වචන හුවමාරුවක්

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ එළවළු, පළතුරු අලෙවිකිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇත. එමෙන්ම එම ක්‍රමවේදය නොසලකාහරින වෙළෙඳසැල් හිමියන්ගෙන් වෙළෙඳ සංගමය දඩ මුදලක් අයකිරීමටත්, වෙළෙඳසැල්…

    Read More

    පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – අගමැතිනිය

    ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින් ඇය මේ බව පෙන්වා දුන්නාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ…

    Read More

    කල් ඇදෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එම නම් යොමුකිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක්…

    Read More