Headlines

    සංචාරකයන් දුෂ්කරතාවට පත්කරන ගැටලු රැසක්

    මේ වසරේ මිලියන දෙක ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතත් පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සංචාරකයින් අසීරුතාවට පත්වන ආකාරයේ සිදුවීම් සංචාරක කලාප කිහිපයකින්ම වාර්තා වෙයි. මෙරටට තුන් වැනි වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්ෂේත්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2024 වසරේ සංචාරක ඉලක්කය වූ මිලියන දෙක ඉක්මවමින් විදෙස් සංචාරකයින් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව…

    Read More

    අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි

    අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 100කි. අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි. වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X…

    Read More

    දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට

    පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ. කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.  දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත්…

    Read More

    ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා – ආචාර්ය මන්මෝහන් සිං

    ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන එරට හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං, වත්මන් පාකිස්තානයට අයත් එවක නොබෙදුණු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හුදෙකලා ගම්මානයක 1932 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබීය. අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ මන්මෝහන් සිං, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය අවසන් කළේය. ඉන් අනතුරුව හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධි අවස්ථාව දිනාගැනීමට සමත් විය….

    Read More

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    මෙම වසර තුළ දිවයිනට පැමිණෙන විසි ලක්ෂයේ විදෙස් සංචාරකයා අද (26) දිනය තුළ පිළිගැනීමට සුදානමින් සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විසි ලක්ෂයේ සංචාරකයා පිළිගැනීම සඳහා අද (26) පෙරවරුවේ උත්සවයක්ද සංවිධානය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. මේ වසරේ…

    Read More

    පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානයට ගුවන් ප්‍රහාර

    පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය. තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි. ඒ අනුව නත්තල් උදාව මැද…

    Read More

    මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව…

    Read More

    හිමමත ලිස්සායාමේ ශූරියක් අවසන් ගමන් යයි

    ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුව ඊයේ (24) මියගොස් තිබේ. ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් නියෝජනය කළ ක්‍රීඩිකාවක වන හෙඩිගර්, මියයන විට වයස අවුරුදු 26ක් විය. ස්විට්සර්ලන්ත ජාතික හිමමත ලිස්සායාමේ කණ්ඩායම පසුගිය සඳුදා එරට අරෝසා කඳුකරයේ නිවාඩු නිකේතනයකට ගොස් සිටියදී මෙම අවාසනාවන්ද සිදුවීමට මුහුණ…

    Read More

    ඇල්බේනියාවේ TikTok තහනමක්

    TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවය. ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි  සිසුවෙකුට සිදුකළ පිහි…

    Read More

    ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

    නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය. අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…

    Read More