
2036 ඔලිම්පික් සත්කාරකත්ව සටනට ඉන්දියාවත්
2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය. ඉන්දියාවේ 78 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ අද (15) පැවැති උත්සවයේදී හෙතෙම එය හෙළිකළේය. “2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම ඉන්දියාවේ සිහිනය, අපි ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා” මෝදි පැවසීය. හෙතෙම මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියේ, මහා පරිමාණ ගෝලීය ඉසව්…