Headlines

    ශ්‍රී ලංකාවට එමින් තිබු නෞකාවක විශාල ගින්නක්

    කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. ගෝආ වෙරළ තීරයට නාවික සැතපුම් 102ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබියදී පසුගිය 19 වනදා අදාළ නෞකාවේ ගින්නක් හටගෙන තිබුණි. අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 1,154ක් රැගත් නෞකාවේ හටගත් ගින්නෙන් එහි කාර්යය…

    Read More

    ගාසා තීරයෙන් බය හිතෙන වෛරස් ප්‍රභේදයක් හමුවෙයි

    ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණි. මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති…

    Read More

    බංග්ලාදේශයේ ඇඳිරි නීතිය පනවයි

    බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත. රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්…

    Read More

    මිනිසා සඳ මත පා තබා අදට වසර 55ක්

    මිනිසා පළමු වරට සඳ මත පා තැබූ ඓතිහාසික දිනය සනිටුහන් වී අදට (20) වසර 55ක් සැපිරෙයි. මිනිසෙකුගේ එක් කුඩා පියවරක්, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනුවෙන් වූ යෝධ පිම්මක් යන ඉතිහාසගත ඒ වඳන් පෙළ ලෝ ප්‍රකට අභ්‍යවකාශගාමි නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් ප්‍රකාශ කළේ  1969 වසරේ ජුලි 20වනදාවකය. මිනිසා පළමුවරට සඳ මත පා තැබූ එම මොහොත සජීවීව…

    Read More

    ලාංකික ආහාර ජාත්‍යන්තරයට ගෙන ගිය අපේ සවින්ද්‍රි

    “මාස්ටර් චෙෆ්” ඔස්ට්‍රේලියා 2024 රියැලිටි සූපවේදි තරගාවලියෙන් තුන්වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකිකයෙකු වන සවින්ද්‍රි පෙරේරා සමත්විය. එහි විශේෂත්වය වන්නේ, ඇය එම තරගය පුරා පිළියෙල කර තිබුණේ ශ්‍රී ලාංකීක ආහාර පානයි. එම ජයග්‍රණයෙන් පසු ඊයේ රාත්‍රියේ සවින්ද්‍රි පෙරේරා දිවයිනට පැමිණියාය. ශ්‍රී ලංකාවේ උපත ලද සවින්ද්‍රි පෙරේරා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරට සංක්‍රමණය වී තිබුණේ වයස අවුරුදු 18දීය. ඇය…

    Read More

    ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවය. මෙම ක්‍රිකට් සමුළුව සඳහා අප්‍රිකාව, අමෙරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 10‍8කින් නියෝජිතයින්…

    Read More

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මාට

    නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන්…

    Read More

    යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

    2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.

    Read More

    ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකිකයෙකුට තුවාල

    අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශ සීමාව ආසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එම පුද්ගලයාගේ හිසට යකඩ කැබැල්ල වැදී තුවාල සිදුව ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ…

    Read More

    ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්

    අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය. එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම…

    Read More