Headlines

    වසර 17කට පෙර හමුවූ සුපිරි පාපන්දු තරු දෙක

    2007 වසරේදී එවකට වයස අවුරුදු 20ක් වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී දින දර්ශනයක් සඳහා ඡායාරූප රූගත කිරීමකට එක්වුණි. ඔහු එහිදී බිළිඳෙකු අත දරාගෙන එක් ඡායාරූපයක් සඳහා මුහුණ දුන්නේය. එම ඡායාරූපයේ සිටින දරුවා වසර 17කට පසුව සුපිරි පාපන්දු තරුවක් වෙතැයි කිසිවෙක් නොසිතන්නට ඇත. ඒ දරුවා, ලෙමින් යමාල් ය. ඔහු අද ස්පාඤ්ඤ පාපන්දු…

    Read More

    හමාස් ප්‍රධානියෙක් මරුට

    හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්, ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් ය. ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට සහනයක්

    පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ “සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ” වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි. ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි. පසුගිය රජය 2022 වසරේදී නිවේදනය කළේ නීත්‍යානුකූල නොවන ලෙස එරටට පැමිණෙන සංක්‍රමණික පිරිස් රුවන්ඩාවට යවන බවයි.

    Read More

    ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

    ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි. ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

    Read More

    ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකයා දිවියට සමුදෙයි

    ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්වී තිබේ. මියයන විට ඔහු 63 වන වියේ පසුවිය. ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව සඳහන් ය.    ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ “ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා..” ඔහු බවයි

    Read More

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා මසූඩ්

    ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය. පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ…

    Read More

    ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඊයේ (06) උදෑසන ඔවුන් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. පසුගිය ජූලි 01 වනදා කලීජ් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නිරත වූ දකුණු ආසියාතිකයන් සහ අප්‍රිකානුවන්…

    Read More

    ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

    මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් නම් ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ. මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට්…

    Read More

    පලස්තීන ජනතාවට සැනසිල්ලක්

    ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවය. හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර…

    Read More

    බ්‍රිතාන්‍යය ට නව අගමැතිවරයෙක්

    බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි

    Read More