Headlines

    මස් කන බැක්ටීරියාවක් නිසා ජපානය සලිත වෙයි

    මාංශ පේශි විනාශ කරන බැක්ටීරියාවක් මේ වන විට ජපානයේ සීග්‍රයෙන් පැතිරයන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. මෙම “මස් කන” බැක්ටීරියාව හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි. නමුත් මෙම රෝගී තත්ත්වය පැතිර යන හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ වික්ෂිප්ත වී සිටියි. 2024 ජනවාරි සිට ජූනි මාසය ආරම්භ වනවිට එවැනි…

    Read More

    අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනයක් ?

    ලොව පුරා මහ බැංකු තමන්ගේ විදේශ මුදල් සංචිත සඳහා අමෙරිකානු ඩොලර් පමණක් නොව දැන් වෙනත් විකල්ප විනිමය භාවිත කිරීමටත් පෙළඹී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍ය හීනවීමක් ලෙස හැඳින්විය හැකිය. ජාත්‍යන්තර වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වූ මුදල් වර්ග හතර ලෙස සැලකනු ලබන්නේ, අමෙරිකානු ඩොලර්, යුරෝ, ජපාන යෙන් සහ…

    Read More

    අමෙරිකාවේ රන් කොල්ලයක්

    අමෙරිකාවේ කැලිෆෝනියා හි රන් භාණ්ඩ සාප්පුවකට ඇතුළු වූ පිරිසක් රන් භාණ්ඩ කොල්ලකන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 20 දෙනෙකු පමණ මෙම කොල්ලයට එක්වී ඇති අතර ඉන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. විනාඩි 3ක පමණ කාලයක් තුළදී ඔවුන් හැකි තරම් රන් භාණ්ඩ සොරාගෙන පළා ගොස් තිබුණි.

    Read More

    මොකක්ද මේ mpox ?

    mpox නම් වෛරස් රෝගය වැළඳුනු තවත් පුද්ගලයෙක් දකුණු අප්‍රිකාවේ මියගොස් තිබේ. ඒ එම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බව වාර්තා වෙයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් ය.  මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මීට පෙර මෙම වෛරස…

    Read More

    පුටින් ට අනතුරු ඇඟවීම්

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නුදුරේදීම උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.    මේ අතර අමෙරිකාව සහ දකුණු කොරියාව පවසන්නේ එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට එරෙහි ක්‍රියාවක් බවත් ය. රුසියානු ජනපතිවරයාගේ සංචාරය හේතුවෙන් උතුරු කොරියාව සහ රුසියාව අතර…

    Read More

    ඔස්ට්‍රේලියාවට යන අයට ජුලි සිට නව නීති

    ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ලබාගැනීමට දී තිබූ අවස්ථාව මින් ඉදිරියට අහිමි වේ. යුද ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් දහස් ගණන් පිරිස් රටින් පළාගොස් සමෘද්ධිය පතා ධනවත් රටවල රැකවරණ ඉල්ලා සිටින අතර, තවත් විශාල පිරිසක් සංවර්ධිත…

    Read More

    ඉන්දීය මුදල් ඇමති සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය අතර හමුවක්

    ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් නවදිල්ලියේ දී සිදුවී තිබේ. එහිදී නිර්මලා සීතාරාමන් යළිත් වරක් ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඇයට සුබ පැතුම් එක් කර ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවද…

    Read More

    ලොව ධනවත් රටවල් හතේ මෙවර ඉලක්කය

    ලොව ධනවත් රටවල් හතේ නායකයින් සහභාගී වන G7 සමුළුව ඉතාලියේදී අද පැවැත්‌වෙයි. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව යන රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් එම සමුළුව අද සිට ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. මීට අමතරව අප්‍රිකාවේ සහ ඉන්දු පැසිපික් කලාපීය රටවල නායකයින්ද G7 සමුළුවට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‍යුක්‍රේනයේ සහ ගසා…

    Read More

    මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මරුට

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලීමා ගුවන් අනතුරකින් මියගොස් තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වූ ගුවන්යානය කඩාවැටි තිබුණේ එරට චිකන්ගාවා නම් වනාන්තරයට ය. අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය. ඒ ලිලොන්ග්වේ අගනුවර ගුවන්තොටුපොළින් පියාසැරිය ආරම්භ කළ සුළු මොහොතකිනි. යානයේ සුන්බුන් හමුවූයේ පැය 24කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු…

    Read More

    ගගනගාමී විලියම් ඇන්ඩර්ස් අනතුරකින් මරුට

    කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ. අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ අපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙසය. මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90කි. අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන…

    Read More