Headlines

    TikTok සයිබර් ප්‍රහාරයකට ලක්වෙයි

    සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම පවසයි. විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් එසේ සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි. ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් විය.

    Read More

    අනපේක්ෂිත පසුබෑමක් හමුවේ ඉදිරියට ආ මෝදි

    ඉන්දීය මහ මැතිවරණය ජයගෙන තුන් වැනිවරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වීමට අගමැති නරේන්ද්‍ර මෝදි සමත්ව තිබේ. කෙසේ නමුත් ඔහුගේ සන්ධානයට මෙවර මැතිවරණයේදී අනපේක්ෂිත පසුබෑමකට මුහුණපෑමට සිදුව තිබීම විශේෂත්වයකි. දින 44ක් පුරා අදියර 7ක් යටතේ පැවැති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ඊයේ නිකුත් වුණි. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත්කර දෙමිනි. කෙසේ නමුත්…

    Read More

    අමෙරිකාවට සුපිරි ජයක්

    20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය. ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග…

    Read More

    ඇෆ්ගනිස්තානයේ බෝට්ටු අනතුරකින් 20ක් අතුරුදන්

    නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ගංගාවක් හරහා ගමන් කරමින් තිබු බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. අනතුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් ය. අතුරුදන්වූවන් අතර කුඩා ළමුන් ද වන බව වාර්තා වෙයි. ඔවුන් සොයා එරට මුදාගැනීමේ අංශ විශේෂ…

    Read More

    පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ අත්අඩංගුවට ගෙන තිබේ. තවත් සති කිහිපයකින් ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ, ප්‍රංශයේ සොන්ත්…

    Read More

    TikTok අමෙරිකානු මෙහෙයුම් වෙන් කරයි ද?

    ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්‍යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය. එහෙත් අමෙරිකානුවන් මිලියන 170ක් පමණ අද වනවිට ටික්ටොක් සමාජ මාධ්‍යය භාවිත කරමින් සිටී.  ටික්ටොක් යෙදුමේ චීන හිමිකාරීත්වය නිසා අමෙරිකානු ග්‍රාහකයන්ගේ දත්ත අවදානමට ලක්වන බවට ට්‍රම්ප් පරිපාලනයේ වගේම ජෝ බයිඩන් පරිපාලනයේත් අදහස වී තිබේ. එබැවින්…

    Read More

    මෝදි පැය 45ක භාවනාවක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ. ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය. අගමැති මෝදී හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත අතර ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයකි.

    Read More

    අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් ට්‍රම්ප් වරදකරු වෙයි

    හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබේ. අදාළ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කරමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණේ අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවය. එමෙන්ම මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ…

    Read More

    දිල්ලිය නොසිතූ ලෙස රත්වෙයි

    ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. අද දිනයේ එම නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.9ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම තත්ත්වය තුළ ප්‍රාන්ත බලධාරීන් විසින් ජල හිඟය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. මිලියන 30 කට වැඩි ජනගහනයක් සිටින දිල්ලි නගරයේ ජනතාවට උෂ්ණත්වය ඉහළයාම සම්බන්ධ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක්…

    Read More

    රාහුල් ගාන්ධි සමග වේදිකාවක් කඩාවැටෙයි

    ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි එක්වූ රැලියක් අතරතුරදී වේදිකාවක් කඩාවැටී තිබේ. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බිහාර් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.

    Read More