Headlines

    චීන රෝහලක නින්ජා ප්‍රහාරයක්

    නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. Yunnan පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වෙයි. කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර එම ප්‍රහාරය සිදුකර තිබුණි. එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්ද නැත්ද සම්බන්ධයෙන් වාර්තා නොවෙයි.

    Read More

    වීසා ගාස්තුව ගැන රජයෙන් විශේෂ තීරණයක්

    විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටද එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති…

    Read More

    ඊශ්‍රායලයේ Al Jazeera කාර්යාලය වටලයි

    කටාර් රාජ්‍යයට අයත් ‘අල් ජසීරා’ නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ‘අල් ජසීරා’ නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලීසිය විසින් වටලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන…

    Read More

    සුපිරි නළුවෙක් දිවියෙන් සමුගනී

    ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය. ලෝක අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු එක්කළ විශිෂ්ඨ රංගනය ලෝකයේම කතාබහට ලක්විය.

    Read More

    බ්‍රසීලයේ ආපදා මරණ තවත් ඉහළට

    දකුණුදිග බ්‍රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 74 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රදේශයට බලපෑ දරුණු කුණාටු තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් එම ආපදා තත්ත්වය හටගෙන ඇත. ඒ හේතුවෙන් පුද්ගලයින්…

    Read More

    සුප්‍රකට ඇපල් සමාගමේ අලෙවිය පහත වැටෙයි

    අමෙරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර ඇත. මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබේ….

    Read More

    නැගෙනහිර ලන්ඩනයේ හදිසි තත්ත්වයක්

    කඩුවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය.        මේ හේතුවෙන් Hainault දුම්රිය ස්ථානය වසා දමා තිබේ. තුවාල ලැබුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වෙයි

    Read More

    හූති කැරළිකරුවන් නැවතත් ත්‍රාසය පතුරුවයි

    ඉන්දීය සාගරයේ සහ රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකා හතරකට යේමනයේ හූති කැරළිකරුවන් විසින් ප්‍රහාර එල්ලකොට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරයේ යාත්‍රා කරමින් තිබූ MSC Orion නම් බහාලුම් ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබුණි. හූති කැරළිකරුවන් පවසන්නේ ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර සඳහා ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය හා සම්බන්ධතා ඇති යාත්‍රා සඳහා ඔවුන්…

    Read More

    හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

    යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

    Read More

    ටයිටැනික් මතකය අලුත් කළ රන් ඔරලෝසුව

    සිය මංගල මුහුදු ගමන අතරතුරදී අනතුරට ලක්ව ගිලි ගිය ටයිටැනික් නෞකාව තවමත් විවිධ පුවත් මවයි. එම නෞකාව එංගලන්තයේ සවුතැම්ප්ටන් සිට අමෙරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් කරමින් සිටියදී 1912 අප්‍රේල් 12 වනදා උතුරු අත්ලාන්තික් මුහුදේදී අයිස් කුට්ටියක ගැටී ගිලී ගියේය. ඉන් මගීන් 1,500ක් පමණ ජීවිතක්ෂයට පත්විය.  එම නෞකාවේ ගමන් කරමින් සිදී ධනවත්ම මගියා වූයේ ජෝන් ජේකොබ්…

    Read More