
පාකිස්තානයෙන් ආ යාත්‍රාවේ කෝටි ගණනක මත්ද්‍රව්‍ය
පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු ඉන්දියානු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. “අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන…