Headlines

    ජපානයේ බිහිසුණු අනතුරක්

    ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබේ. ඉෂූ දූපත් ප්‍රදේශ ආශ්‍රිත පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන…

    Read More

    ලෝකයෙන් ඇසෙන බය හිතෙන කතාවක්

    චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ. සයන්ස් නම් සඟරාව පළකළ මේ වාර්තාවට අනුව මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර ද අයත්ය. එමෙන්ම අනාවරණ වී ඇත්තේ, එරට සමස්ත ජනගහනයෙන් සියයට 29ක්ම එනම් මිලියන 270ක්ම වාසය කරන්නේ වාර්ෂිකව මිලිමීටර් 3 කට වඩා ගිලා බසමින් පවතින නාගරික කලාපවල…

    Read More

    හිටපු ජනාධිපති ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනි තබාගනී

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනි තබා ගැනීම සිදුකර ගෙන ඇති…

    Read More

    මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

    නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් වෑන් රථයක් පරීක්ෂාවට ලක් කිරිමේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19කට ආසන්න ප්‍රමාණයක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ…

    Read More

    පලස්තීනය පිළිගැනීමේ යෝජනාවට අමෙරිකාව හරස් වෙයි

    එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි රාජ්‍යයක් ලෙස පලස්තීනය පිළිගත යුතු බවට ගෙන ආ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ බලය යොදා පරාජය කිරීමට අමෙරිකාව කටයුතු කළේය. එම යෝජනාව බ්‍රහස්පතින්දා (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ගෙනැවිත් තිබුණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් 12 දෙනෙක් එම යෝජනාවට පක්ෂ වූ අතර එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඡන්දය දීමෙන් වැළකී සිටියේය….

    Read More

    ඔටාවා ඝාතකයා ඇප එපා කියයි

    කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි. 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් එල්ල කර තිබේ….

    Read More

    ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි

    ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි. සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි.  එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.  එසේම ජපානයේ,…

    Read More

    ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

    හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය….

    Read More

    ඉන්දීය මහ මැතිවරණය අද

    2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අද (19) ආරම්භ වෙයි. පළමු අදියර යටතේ මන්ත්‍රීවරුන් 102ක් තෝරා ගැනීම සඳහා කෝටි 16.63ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා ඡන්ද විමසීම සිදුකෙරේ. ලොව විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීම…

    Read More

    ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි

    ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර  ප්‍රහාර එල්ලකර ඇති බවයි.  එරට අභ්‍යන්තර ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබේ. Isfahan කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහිත ප්‍රදේශයකි. මේ අතර ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ඩ්‍රෝන තුනක් ඔවුන් විසින් විනාශ කළ බවයි….

    Read More