Headlines

    පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

    භාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. දේහය පසුගිය 17 වනදා රාත්‍රියේ ඒ මහතාගේ නිවස වෙත…

    Read More

    කැනඩාවේ සිදුවු විශාලතම රන් කොල්ලය

    කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත්ය. 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණේ එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක්. කැනේඩියානු වාර්තාවලට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන…

    Read More

    ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

    ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවය. 1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණි. මේ හේතුවෙන්…

    Read More

    පාකිස්තානයේ ආපදා මරණ තවත් ඉහළට

    පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබේ. ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම මරණ සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිම මරණ සංඛ්‍යාවක් වයඹ දිග පාකිස්තානයෙන් වාර්තාවන අතර ගොඩනැගිලි කඩාවැටීම හේතුවෙන් එම පළාතේ ළමුන් 15 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. ආපදා තත්ත්වය…

    Read More

    රුසියානු භටයින් 50,000ක් මරුට

    යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරයි. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගතවී ඇති අතර රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනීයයි. දෙරට අතර යුද ගැටුම් 2022 පෙබරවාරි මාසයේ ඇරඹිණි. දෙවැනි වසර තුළදී රුසියානු…

    Read More

    ඩුබායි යටවෙයි – ගුවන් ගමනුත් නවතී

    වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඕමාන් රාජ්‍යය තුළ පමණක් පුද්ගලයින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ. මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත්…

    Read More

    සංචාරකයින් සඳහා ඊ වීසා ක්‍රමය අද සිට

    සංචාරකයින් සඳහා පමණක් අද (17) සිට “ඊ වීසා”  ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ආරම්භයේදී භාෂා පහකින් “ඊ වීසා” අයදුම් කිරීමේ හැකියාව පවතින බවය. “නව තාක්ෂණයෙන් වැඩි දියුණූ කරලා, ඊ වීසා ක්‍රමවේදය අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඕනෑම රටක ඉඳලා ලංකාවට පැමිණෙන සංචාරකයින්ට විතරක්…

    Read More

    ඉරාන ජනපති ලංකාවට

    ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. එමගින්…

    Read More

    අවස්ථාවක් ලැබෙන තුරු ඊශ්‍රායලය බලා සිටී

    ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින බව ඊශ්‍රායලය පවසයි. මැදපෙරදිග කලාපය තුළ දරුණු යුද බියක් මවමින් ඉරානය පළමු වරට ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඒ අනුව ඉරානය විසින් ඉකුත් 13 වනදා සහ ඊයේ (14) අලුයම් කාලයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබුණි. සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයට…

    Read More

    ඇවිලෙන ගින්දරට පිදුරු දමන ජෝ බයිඩන්

    ඉහළ පෙළේ අණ දෙන නිලධාරීන් ඝානතනය කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි. සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන නොමැති වුවත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බවට ඉරානය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේ වෙතත් ඕනෑම ප්‍රහාරයකින්…

    Read More