Headlines

    දූපතක සතියක් සිරවී සිටි පිරිසක් මුදාගනී

    රොබින්සන් කෘෘසෝ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ලෝක පූජිත නව කතාවකි. දූපතක සිරවී වසර ගණනක් හුදකලාව සිටි මිනිසෙකු වටා එම කතා ප්‍රස්තුතය ගොඩනැගී තිබේ. රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණි. ඒ එම දූපතේ  සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු…

    Read More

    බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ

    ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…

    Read More

    ටෙස්ලා අරන් ඊලොන් මස්ක් ඉන්දියාව ට 

    ලොව ධනවත් ම පුද්ගලයෙක් ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ව හමුවීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත බව මස්ක් ‘X” පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ඔහු පැමිණෙන නිශ්චිත දිනයක් එහි සඳහන් කර නැත. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ ටෙස්ලා කර්මාන්ත ශාලාවක් ස්ථාපනය කිරීම සඳහා ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම බව වාර්තා විය. පසුගිය සතියේදී විද්‍යුත් වාහන ආනයන…

    Read More

    වීසා ඉක්මවූ විදේශිකයන් 2,400ක් ශ්‍රී ලංකාවේ

    වීසා කාලය ඉක්මවූ 2,400 ඉක්මවූ විදේශිකයන් පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේබව සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසා සිටියේ, වැලිගම ප්‍රදේශයේ රුසියානු සහ යුක්‍රේන…

    Read More

    ලංකාවට ආ විදේශිකයින්ගේ වැඩිම කැමැත්ත

    මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අතරින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ලක්ෂයකට අධික විදෙස්…

    Read More

    ඉහළ අහසේදී මගී ගුවන් යානයේ කොටසක් ගැලවෙයි

    බෝයිං 737-800 යානයක් අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගමන් ආරම්භ කරන අවස්ථාවේ එහි එංජින් කවරය ගැලවී තටුවක සිරවී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව එරට බලධාරීන් පැවසීය. සවුත් ඊස්ට් ගුවන් සමාගමට අයත් එම යානය හූස්ටන් බලා ගමන්කරමින් තිබියදී එම දෝෂය ඇතිවූ අතර පසුව එම යානය නැවත ඩෙන්වර් ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩ බැස්සවීමට නියමුවන් සමත්විය. 2015…

    Read More