Headlines

    පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයේ අලුත්ම නිවේදනය

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව  වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය පූජාව සඳහාද උන්වහන්සේගේ අශිර්වාදය ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. පාප් වහන්සේ ඊයේ (23) අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අතර වෛද්‍යවරු පවසා තිබුණේ රුධිර පරීක්ෂණ අනුව, උන්වහන්සේගේ වකුගඩු අකර්මණ්‍ය වීමේ…

    Read More

    ජර්මනියේ මැතිවරණ ජය කන්සවේටිව් පක්ෂයට

    ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ. ඒ අනුව එම පක්ෂයේ  නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූණි. ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.

    Read More

    නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපුමකින් 18ක් මරුට

    ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය මීට හේතුව බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    Read More

    රුපියල් ලක්ෂ 25 කොල්ලයට සම්බන්ධ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

    මීට වසරකට පමණ පෙර රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස මංකොල්ලකා රුපියල් ලක්ෂ 25ක මුදලක් රැගෙන පළා ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 22 වැනි දින අලුයම් කාලයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට වෑන් රථයකින් පැමිණි සැකකරුවන් මැණික් ගලක් විකීණීමට බව පවවා නිවසට ඇතුළු…

    Read More

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කර තිබේ. 2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරෙිණි. පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ…

    Read More

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදුකෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව මෙලෙස ගිවිසුම් ගත වූ බවය. මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය…

    Read More

    යුක්‍රේන යුද්ධයට මැදි වූ ඩොනල්ඩ් ට්‍රම්ප්

    යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්‍රේන ජනාධිපතිවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ. ඒ අනුව ඉදිරි දිනකදී තමා රුසියානු ජනාධිපති…

    Read More

    ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

    දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය.   එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…

    Read More

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි…

    Read More

    එක්සත් අරාබි රාජ්‍යයෙන් සතුන් කිහිපයක් මහජන ප්‍රදර්ශනයට මෙරටට ගෙන්වයි

    එක්සත් අරාබි රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් හා මියර්කැට් යුවල් 03ක් සත්ව හුවමාරු ජාතික වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යානයන්හී ප්‍රදර්ශනය සඳහා ගෙන්වා තිබේ. අදාළ සතුන් ඊයේ (10) දින මෙරටට ගෙන්වා ඇත. හයිනා සතුන් රිදීගම සෆාරි උද්‍යානය වෙතද, අනෙක් සතුන් දෙහිවල සත්ව උද්‍යානය වෙතද මසක කාලයක් සඳහා නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව…

    Read More