Gossips
අද කාළගුණය -ප්‍රදේශ කිහිපයකට මි.මි. 150 ඉක්ම වූ තද වැසි ..
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද (04) දිනය තුළ ද තවදුරටත් පවතිනු ඇතැයි, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා..
කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි.
එන්නත් බෙදා හැරීමට ඇමෙරිකාව සූදානම්..
ඇමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව සතු අතිරික්ත එන්නත් මෙලෙස බෙදා හැරීමට සැලසුම් කර තිබෙන බවයි. ඒ අනුව ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් එලෙස බෙදා දීමට…
අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය..
ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව හා පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ වන අතර එම ගැසට්…
ප්‍රදේශ කිහිපයකට මහ වැසි – දිස්ත්‍රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇඳහැළුනු අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මිලිමීටර් 326.5ක් ලෙස සටහන් වී තිබූ බවයි. තව ද පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287ක්, හොරණට මිලිමීටර් 244.5ක් ලෙස සටහන්ව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ව්‍යාපාර හා පුද්ගලයින්ට සහන ණය යෝජනා ක්‍රමයක්..
කොවිඩ් – 19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් වෙනුවෙන් සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව සෙසු බැංකුවලට උපදෙස් දී ඇති බව වාර්තා වේ. එහි දී මහ බැංකුව දැනුම් දී ඇත්තේ, රැකියා අහිමි වීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම අඩු වීම, ව්‍යාපාර වසා දැමීමේ ජන දුෂ්කරතා සැලකිල්ලට ගෙන ණය…
දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ..
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 සඳුදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. යුද හමුදාපතිවරයා සදහන් කළේ, කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා…
මිල අඩු කළ ලුණු කුඩු අද සිට සතොසෙන්..
අද (01) දින සිට ලුණු කුඩු මිල අඩු කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අඩු කළ මිල ගණන්වලට දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් හරහා ලුණු කුඩු පැකට් ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. එහි දී රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34ක්…
රුපියල් 5,000 දීමනාව හෙට සිට..
රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව හෙට (02) සිට බෙදා දෙන බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) පැවති කැබිනටි තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව රජයේ විවිධ දීමනා ලබන අඩු ආදායම්ලාභී පවුල්වලට සේම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන…
‘ටාසන්’ ගුවන් අනතුරකින් මරුට..
ලෝ ප්‍රකට ‘ටාසන්’ චිත්‍රපටි මාලාවේ ‘ටාසන්’ චරිතයට පණ පෙවූ සිනමා නළු ජෝ ලාරා ගුවන් යානා අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ බිරිඳ ඇතුළු 07 දෙනකු සමග ඔහු ගමන් ගත් කුඩා ගුවන් යානය අමෙරිකාවේදී ටෙනසි ප්‍රාන්තයේ විලකට කඩා වැටී ඇකි බවයි. එහි සිටි සියළු මඟීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව…