දේවගැති ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට නියම කළේය. බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සර්ව…

Read More

මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. විශ්‍රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.

Read More

ඔලිම්පික් ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් ට අවස්ථාව උදාවී තිබේ. මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව පැරිස් නුවර වෙත රැගෙන ආ අතර ඊට පුද්ගලයින් 10,000ක් සම්බන්ධ කර ගැනුණි. ගිනිසිළුව රැගෙනයාමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාට අවස්ථාව උදාවී ඇති අතර, ඔහු ඉතිහාසගත වන්නේ ඔලිම්පික්…

Read More

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා…

Read More

මහ බැංකු අධිපතිගෙන් ඉඟියක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉහළ සහායක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.  තිරසාර ස්ථාවරත්වය නමින් මහ බැංකුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.  ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ තිරසාර ස්ථාවරත්වය නම් සංවාදාත්මක වැඩසටහන ඊයේ (09) පැවැත්වුණේ මහ බැංකු…

Read More

අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වූ අයුරු සොයයි

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති…

Read More

වසර 02ක් සපිරෙන මැයි 09 සිද්ධිය ගැන අද ඇසුණු කතාව

මෙරට දේශපාලනයේ වෙනසකට හේතුවූ මැයි 9 වනදා භීෂණයට අදට (09) වසර දෙකක් සපිරෙයි. 2022 මැයි 9 වනදා දහවල් ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් එදින පස්වරුවේ ඇතැම් කණ්ඩායම් දිවයිනේ ස්ථාන රැසක ප්‍රචණ්ඩව කටයුතු කළේය. ඒ අනුව, පොළොන්නරුව බලා යමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුවේදී අමානුෂික…

Read More

බෙල්ජියන් එයාර් සිද්ධිය ගැන ශ්‍රීලන්කන් ප්‍රතිචාර දක්වයි 

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් බදු පදනම මත සේවයට යොදවා ඇති ගුවන්යානයක සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ. එහි දැක්වෙන්නේ එවැනි සිද්ධියක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් සිදුකෙරෙන බවත් ය.

Read More

පොහොට්ටුවේ සියලු මන්ත්‍රීවරුන්ට හා සංවිධායකවරුන්ට කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති…

Read More

හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්

යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබේ.

Read More