
Gossips

2020 උසස් පෙළ ප්‍රතිඵල එළඹෙන සතිය තුළ..
2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. ඒ අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මෙම වසරේ සැප්තැම්බර් මාසයේදීම සුදුසුකම් ලබන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහි දී…

මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි – ඊයේ මෙරට දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා යයි..
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 1111 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දිනක් තුළ කොවිඩ් අසාදිතයින් 1000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ්-19…

තුර්කිය අනිද්දා සිට LOCKDOWN…
තුර්කියේ කොවිඩ් -19 සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම හමුවේ ලබන බ්‍රහස්පතින්දා (29) සිට එළඹෙන මැයි 17 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර තුර්කියේ මීට සති දෙකකට පෙර සතියේ දිනවල රාත්‍රී 7 සිට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා…

චීන ආරක්ෂක ඇමති අද රාත්‍රියේ දිවයිනට..
චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ෆෙන්ග්හි මහතා 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර ඔහු චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි. මේ වනවිට ඒ මහතා චීන…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යංශ අලෙවි කවුළුව හෙට සිට වසා දැමේ..
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයට අයත් අලෙවි කවුළුව අප්‍රේල් 28 දින එනම් හෙට දින සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

ලබන 30 වනදා තෙක් දිවයිනේ සියලුම පාසල් ලබන වසා තැබේ..
මෙරට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් ලබන 30 වනදා තෙක් වසා තැබීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27) සඳහන් කළේය. මීට අමතරව දිවයිනේ සියලු පෙරපාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 වැනි දා දක්වා වසා දැමීමට රජය කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, එළඹෙන සති අන්තයේ සෞඛ්‍ය බලධාරින් ,…

මෙරට වැඩිම දෛනික ආසාදිතයින් අද වාර්තා වේ – කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට..
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය. ඊයේ (26) දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ…

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් පවතී..
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය. වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ, ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන අතර කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ. තරුණ ප්‍රජාවට වැඩි…

93 වැනි Oscar සම්මාන උළෙල..
මෙවර Oscar සම්මාන උළෙල 93 වැනි වරටත් ඊයේ (25) රාත්‍රියේදී පැවැත්වුණි. එහිදී පළමු සම්මානය හිමිවූයේ ෆ්ලොරියන් සෙලර්ගේ The Father චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනය සඳහා ය. Nomadland චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Chloé Zhao දිනාගත්තා ය. ඒ මෙම සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට පත් වෙමිනි. හොඳම සහය නළුවාට හිමි සම්මානය Daniel…

කලින් සැලසුම් කළ මංගල උත්සව සඳහා අවස්ථාව..
රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව පසුගිය (25) සිට තහනම් කෙරුණ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ නමුත් පැතිර…