
Gossips

වාරියපොළ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය LOCKDOWN කෙරේ..
අද (23) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිරාවිය ග්‍රාමසේවා වසම සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තව ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා…

යුරේනියම් රසායනික ද්‍රව්‍ය සමඟ නෞකාවක් හදිසියේ ම හම්බන්තොට වරායට..
නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොට වරායට නෞකාවක් පැමිණ ඇති අතර මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය වන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය…

මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනා ගනී – ඊයේ ආසාදිතයින් 367 යි මරණ 05 යි..
අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 367 දෙනෙකු හදුනාගෙන ඇති අතර ආසාදිතයින් සියළු දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර දෙකයි..
2019 වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරේ. එදින උදෑසන සිට සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 03ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 03ක් ඉලක්ක කරගනිමින් සිදුවිය. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත්…

මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කෙරේ..
මැයි දිනය වෙනුවෙන් පවත්වනු ලබන සියලු මැයි දින පෙළපාලි හා රැළි මෙවර නොපැත්වීමට තීරණය කර ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (20) දින පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය. එහිදී මැයි දින පෙළපාලි හා රැළි නොපැවැත්වීමට…

අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 300 ඉක්මවයි..
ඉකුත් (09) සිට ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 1,236,288 කට අධික බව වාර්තා වේ. ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් පසුගිය…

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවැනි දිනටත් ඇරඹේ..
අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලේ. එහි දී…

කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මැයි පළමුවනදා සිට ඇරඹේ..
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඒ අනුව පළමුවෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එම එන්නත් වල දෙවන මාත්‍රාව ලබාදෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය….

නවදිල්ලිය LOCKDOWN..
මේ වන විට ඉන්දියාවේ covid -19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 6ක කාලයක් සඳහා වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (19) රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි නගරය මෙලෙස වසා දමන බවයි. මේ වන විට නවදිල්ලි අගනුවර වසංගත ව්‍යාප්තියේ අවදානම් තැනකට පත්වීම හමුවේ නගරයේ…

අප්‍රේල් 21 වනදා කිතුනු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්..
2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස…