
Gossips

දෙවැනි පාසල් වාරය අද සිට ඇරඹෙයි..
දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා අද (19) විවෘත කෙරුණි. ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් ද සැලකිල්ලට ගෙනය. එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව…

කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..
ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. WHO ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ කොරෝනා ආසාදිතයින් හා මරණ…

පිලිප් කුමරු නික්ම යයි..
එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජකීය ගෞරව සහිතව වින්සර් මාලිග ශාන්ත ජොර්ජ් දේවස්ථාන ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඊයේ (17) සිදු විය. දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන, රාජ පවුලේ සාමාජිකයින් විසින් “ජාතියේ සීයා” ලෙස හඳුන්වන එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට 99 වැනි වියේ පසු වුණි. දෙවන එලිසබෙත් මහ රැජිණ , චාල්ස් කුමරු, කැමිලා පාකර් ආදිපාදවරිය,…

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 253 යි මරණ 02 යි..
අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 49 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 204 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

හෙටින් ඇරඹෙන දෙවන පාසල් වාරය..
දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා හෙට (19) විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, කොරෝනා වෛසරයත් සමග වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද හෙට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සදහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බව…

කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන් වෙයි – රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි..
කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පක්ෂ සම්මේලනය අමතමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 89 වන වියේහි පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ, එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවයි. කියුබානු විපලවයෙන් (1959) අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ…

අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ නැකත අද..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද (17) දිනට යෙදී තිබේ. ඒ අනුව අද (17) දින පූර්වභාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. මේ…

ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට..
ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” යුද්ධ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 14 වන දා කොළඹ වරායට සේන්දු වී ඇත. මෙම නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425ක ගෙන් සමත්විත Destroyer වර්ගයේ යුද්ධ නෞකාවක් වන අතර නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් (Captain N Hariharan) මහතා විසින් පසුගිය අප්‍රේල් 15 වන දින බටහිර නාවික…

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් – පළාත් 03 කට ප්‍රබල අකුණු..
මේ වන විට රටේ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ…

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්..
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිසන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශව රැසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ. එහි දී තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇති අතර…