Headlines

    පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් ප්‍රති අපනයනයට උපදෙස්..

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එහි දී අදාළ කාලසීමාව තුළ කන්ටේනර් 1000ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒවා මෙරටට ගෙන්වා ඇත්තේ මලයාසියාව, පිලිපීනය, ඉන්දුනිසියාව ඇතුළු රටවලිනි….

    Read More

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා..

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුම ඇනහිට ඇත. මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් එම ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ පොම්පයේ පිළිසකර කිරීම් මේ වනවිටත් ක්‍රියාත්මක අතර…

    Read More

    බංග්ලාදේශය සතියකට Lockdown කෙරේ..

    බංගලාදේශයේ කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වීම ඉහළ යාමත් සමඟ බංග්ලාදේශ රජය සතියක කාලයක් සඳහා රට වසා තැබීමට(Lockdown) තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එරට රජය නිකුත් කළ දත්තවලට අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ මරණ 50 කින් ඉහළ ගොස් ඇත. මේ වනවිට බංගලාදේශයේ කොරෝනා මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ…

    Read More

    උතුම් පාස්කු මංගල්‍යය අද – පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් දෙන්නේ නෑ, ජනපති කියයි..

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද(04) මහත් භක්තියෙන් සමරනු ලබයි. කිතුණු ජනතාව අද (04) පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීම සිදු වූයේ මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමිනි. ඒ අනුව දින 40ක චතාරික (උපවාස) සමය ගෙවන කිතුණු…

    Read More

    අළුත් අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද?..

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්  නිකුත් කර තිබේ. එමඟින් අළුත් අවුරුද්දේ සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය…

    Read More

    පාස්කු සතිය තුළ රටේ ආරක්ෂාව තර කරයි..

    හෙට දිනට (04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ සහ ශුද්ධ වූ සතිය තුළ රට තුළ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබේ.  ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත්කර ඇති අතර එම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන…

    Read More

    එළඹෙන අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කෙරේ..

    එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම මිලදී ගත හැකි බවයි. ඒ අනුව රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු…

    Read More

    අවලංගු වන රියැදුරු බලපත්‍රවලට රජයෙන් සහනයක්..

    රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් 2021 වසරේ අප්‍රේල් 21 වැනිදා සිට සැප්තැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව එම රියැදුරු බලපත්‍රය කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6 කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. එහි දී මෝටර් රථ ප්‍රවහන කොමසාරිස්වරයාගේ අත්සනින්…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 211 යි මරණ 03 යි..

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 14 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 197 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    වැලිගමින් පිළිකා කාරක පරිප්පු..

    මාතර වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඊයේ (01) සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව ඇත. ඒ සිදු කරන ලද රස පරීක්ෂණයේ ලැබුණු වාර්තාවෙනි. අදාල රස පරීක්ෂක වාර්තාවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී ඇති බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේය. කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන්…

    Read More