
Gossips

මහ පාරේ දී රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ් කෙරේ..
ඊයේ (29) දින පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ. ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්…

අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්..
රටම කම්පා කරමින් 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල වු ප්‍රහාරයක් බැවින් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා බලධාරින් පෙළඹවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමේ ස්වාධීන වැඩපිළිවෙළ අඩාල කරන…

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – ඊයේ ආසාදිතයින් 249 යි මරණ 02 යි..
අද දින (29) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 249 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 237 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

දැවැන්ත බහාලුම් නැව මුදා ගැනේ – සුවස් ඇළ නිදහස් වේ..
ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) සතියකට ආසන්න කාලයක් අවහිර කරමින් සිරවී තිබූ දැවැන්ත කන්ටේනර් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකක් වන අතර සතියකය පමණ පෙර දී අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් මෙම නෞකාව හේතුවෙන් පාවී ගොස් සුවස් ඇළේ හරහට හිරවීම…

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාමක් – බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක්..
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ ඉහළ යාම හමුවේ බහුදින ධීවර යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ(28) සිට දින තුනක කාලයක් එම නිවේදනය වලංගු වන බවයි. තව ද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන්…

සඳහිරු මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදු අද කරයි..
අනුරාධපුර පූජා භුමියේ ඉදිකර ඇති සඳහිරු මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයේ අද (28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියේදී සිදු කරන ලදී. එහි දී සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ පැළැඳවීමට නියමිත චූඩා මාණික්‍ය දානපති ආතර් සේනානායක මහතා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය…

ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..
ඉන්දුනීසියාවේ, මකාසර් ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයක් ඉලක්කකර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එහි දී ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ…

ගෙවුණු දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් යාපනයෙන් – යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සිට සතියකට වැසෙයි..
අද දින (28) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 278 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 18 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 260 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (27) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

උතුම් මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි..
ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදට (28) යෙදී තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට විසි දහසක් මහ සඟරුවන සමග වේළුවනාරාමයේ සිට ප්‍රථම වරට කිඹුල්වත්නුවර බලා වැඩම කිරීම සඳහා ගමනාරම්භය සිදු වී ඇත්තේ අද වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය….

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින්ටත් කොවිඩ්..
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක හා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තෙන්ඩුල්කාර් සඳහන් කරන්නේ සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි. තමන් සිය නිවසේදී නිරෝධායනය වන බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව ද එම…