
Gossips

සිංහරාජයේ හදන්න යන වැව් දෙකක් පිළිබඳ ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්..
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර තම රජය ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් සිදු කරන බවයි. පසුගිය 21වැනිදා වීරකැටියේ පැවති උත්සවයකදී ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන…

ලෝක ජල දිනය අදයි..
ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජල දිනයේ තේමාව වන්නේ “ජලය අගය කිරීම” යන්නයි. ඒ අනුව මෙවර ලෝක ජල දිනය සමරන්නේ, තිරසර සංවර්ධන ඉලක්ක අතර, 06 වන ඉලක්කය වන ”පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව” පදනම් කරගනිමිනි. 1922 දී බ්‍රසීලයේ, රියෝ ද ජෙනීරො හී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්‍යායපත්‍රය…

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙයි..
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූ බව වාර්තා වේ. ඒ අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දීය. කලක පටන් රෝගාතුරව සිටින් උන්වහන්සේ අපවත්වන විට 88 හැවිරිදි වියේහි පසු විය. උන්වහන්සේ බස්නාහිර පළාතේ, මිනුවන්ගොඩ, කොටුගොඩ ගම් පියසෙහි දහමට ලැදි සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලක…

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..
අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

ලෝක වනාන්තර දිනය අදයි..
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. එහි දී 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි. මේ වන විට ශ්‍රීලංකාවේ වන ගහනය 29% දක්වා අඩු…

පස්සර මාරක බස් අනතුරේ පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට – අනතුරට හේතුව නොසැලකිල්ල ?..
ඊයේ (20) පස්සර 13 කණුව ප්‍රදේශයේදී 14 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 33දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ අනතුරත් සමඟ පළා ගිය ටිපර් රථ රියැදුරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු…

බංග්ලාදේශ සංචාරය නිමවා අගමැති දිවයිනට..
බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙරටට පැමිණ ඇති බව වාර්ථා වේ. බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හෂීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ දෙදින නිල…

පස්සරදී ප්‍රපාතයකට බස් රථක් පෙරළේ – බස් රථයේ සිටි14 ක් මරුට..
පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් එම බස් රථයේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අද පෙරවරු 7.15 ට පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. එහි දී එම බස් රථය අනතුරට…

ෆේස්බුක් සමාගමේ සියලු සේවා ජාල ලොව පුරා බිඳ වැටේ..
ෆේස්බුක් සමාගමේ Facebook, Messenger, WhatsApp සහ Instagram ඇතුළු සියලුම සේවා ජාල ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් ලොව පුරා බිඳ වැටී තිබුණි. එහි පරිශීලකයින් ප්‍රකාශ කළේ Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි. මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට…

රජය කිසිවිටෙක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ – ජනපති..
ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නොමැති බවයි. එහි දී මෙරට ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කටු පොල් වගාව…