Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-04) – ඊයේ ආසාදිතයින් 356 යි මරණ 01 යි

    අද දින (04) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 356 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 21 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 335 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (03) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    ජල විදුලිය උත්පාදනයේ අඩුවීමක් – විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමට තීරණය කරයි.

    රටේ පවතින වියළි කාළගුණය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය 20% ක් දක්වා පහතවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙරට විදුලි බලයෙන් 42%ක් තාප විදුලි බලාගාර ආශ්‍රිතවද 2% ක් සුළං බලාගාර අශ්‍රිතවද රජය සතු අනෙකුත් බලාගාර සහ පුද්ගලික අංශයේ බලාගාර තුළින් 38% ක ප්‍රමාණයක්ද ජාතික පද්ධතියට එක් කරනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය…

    Read More

    අප්‍රේල් මාසයේ දහම් පාසල් ශ්‍රේණි විභාග – බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව.

    ලබන අප්‍රේල් 04 වන ඉරිදා දහම් පාසල් ශ්‍රේණි විභාග  පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙහිදී බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021  මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින සිට බස්නාහිරි පළාතේ දහම් පාසල් ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් කොව්ඩ්-19 වසංගත තත්ත්වය…

    Read More

    මරා දැමුණු තරුණියගේ අනන්‍යතාවය හෙළිවේ – සැකකාර පොලිස් නිලධාරියා සියදිවි නසා ගනී.

    පෙරේදා (01) දින පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ. තවමත් මළ සිරුරේ හිස කොටස සොයාගෙන නොමැති අතර එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. කෙසේ…

    Read More

    මුතුරාජවෙළ තෙත් බිම සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක්..

    කොළඹට ආසන්නව පවතින තෙත් බිම් කිහිපයෙක් මුතුරාජවෙල තෙත් බිම ඉතාම සුවිශේෂී තෙත් බිමකි. අද (03) දින ඒ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. “ප්‍රවෘත්ති නිවේදනයයි.. අප රටේ වැදගත්ම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව පරිසර අමාත්‍යංශය ආරම්භයේ පටන්ම කටයුතු කරනු ලැබුවේ මෙම වටිනා පරිසර පද්ධතිය රැක ගැනීමේ යහ චේතනාව පෙරදැරිවය. මුතුරාජවෙළ…

    Read More

    ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ඇරඹේ..

     ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ඊයේ (01) විවෘත කෙරිණි. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආරම්භකළ මෙම විශ්ව විද්‍යාලය මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක් වු 16 වෙනි විශ්ව විද්‍යාලයයි.  ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය 1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත්…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-02) – ඊයේ ආසාදිතයින් 310 යි මරණ 05 යි

    අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 07 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 303 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දීය අදානි, ජෝන් කීල්ස් හා වරාය අධිකාරිය එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය..

    ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35 කාලයක් ගිවිසුම් ගතව සංවර්ධනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙහි දී ජපන් රජය මගින් ආයෝජකයෙකු නම් කරන ලෙස මෙරට රජය ඉල්ලීමක් කළ තිබුණද තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ජපන් රජය…

    Read More

    කොවිඩ් ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතට..

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බවයි. ඒ අද (02) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඒ අනුව මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (01) පැවති සාකච්ඡාවේ දී එම…

    Read More

    චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව..

    මේ දින වල කතා බහට ලක් වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දඟපන්දු යවන්නෙකු හා පුහුණුකරුවෙකු වූ චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිළිබඳවයි. “සෑම මිනිසෙකුටම වටිනාකමක් ඇති අතර සමහර විට එම වටිනාකමට මුදල් වටිනාකමක් ඇත.මම මේ කතාව පුළුල් කිරීමට පෙර, මම ඔබට කුඩා උදාහරණයක් දෙන්නම්. මම ගණිත ගුරුවරයෙක් යැයි සිතමු, මම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අතර…

    Read More