
Gossips

ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට..
ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අලුයම දිවයිනට රැගෙන විත් ඇත. එම තොගය රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. පසුව ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒ්මට පියවර ගෙන ඇති බව සඳහන්ය. මේ අතර ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන…

තවත් කොවිඩ් මරණ 45ක්..
ඊයේ (05) තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත. ඊයේ (05) දින තහවුරු කළ මරණ අතර කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු අයත් බව සඳහන්ය. ඒ අතර අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

නැවෙන් රුපියල් මිලියන 720ක්..
පසුගිය මැයි මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් මේ වන විට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදල ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව රුපියල් මිලියන 720ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය. එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ,…

කොරෝනා මරණ ගණන ලක්ෂ 40 ඉක්මවයි..
ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ ලොව රටවල් තුළින් නව මරණ 6,012ක් වාර්තා වූ බවයි. මේ අතර කොරෝනා වසංගතය ඇරඹි 2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් ලක්ෂ දෙසිය අසූ එක් දෙනෙකු…

මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළි අහෝසියි..
ඩබ් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිවරයාගේ උපදෙස් මත යළි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අර්ජුන් ඇලෝසියස්ට අයත්ව තීබූ මෙම සමාගමට පසුගිය දා මත්පැන් නිෂ්පාදන නැවත වතාවක් ආරම්භ කිරීමට බලපත්‍ර ලැබිණ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් පුද්ගලයින්ට Pfizer එන්නත..
මෙරට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07) සිට ඇරඹෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. ඒ මහතා සඳහන් කළේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS…

එංගලන්තයේ රෝස කුසුම යළි ජීවමාන වෙයි..
එංගලන්තයේ රෝස කුසුම ලෙස නම්ලත් ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ, ඩයනා කුමරියගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවර කෙන්සින්ටන් මන්දිරයේ ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේදී විවෘත කෙරිණ. ඒ , ඩයනා කුමරියගේ 60 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙනි. මෙම කෙන්සින්ටන් මන්දිර ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේ ඩයනා කුමරියගේ ප්‍රියතම මල් 4,000 ක්…

ප්‍රදේශ කිහිපයකට මහ වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු පළාත්වල ද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ…

ඉතියෝපියාවේ ලක්ෂ 04කට අධික පිරිසක් සාගත තත්ත්වයක..
ඉතියෝපියාවේ පවතින යුද ගැටුම් හේතුවෙන් එරට ටිග්‍රේ කලාපයේ පුද්ගලයින් ලක්ෂ 4 කට අධික පිරිසක් සාගත තත්ත්වයකට ගොදුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානය ප්‍රකාශ කළේ, ළමුන් 33,000 ක් පමණ මන්ද පෝෂණයෙන් පෙළෙන බවත් ඉදිරියේදී එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවත්ය. එරට පවතින යුද ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් ලක්ෂ ගණනක් සාගතයක්…

කැස්බෑවුන් දෙදෙනෙක් සහ තල්මසකු ගොඩ ගසයි..
අද (04) උදෑසන තල්මසකුගේ සහ කැස්බෑවකුගේ සිරුරක් පානදුර, නල්ලුරුව වෙරළට ගොඩ ගසා තිබිය දී හමුව ඇත. ගොඩ ගසා තිබූ තල්මසාගේ සිරුර අඩි 8යි අගල් 3ක් පමණ දිගකින් යුක්ත බව සඳහන්ය. කොස්ගොඩ වෙරළ තීරයට ද කැස්බෑවෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. මෙම මළ සිරුරු 3 වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස්…