
Gossips

පිලිපීන හමුදාවේ ගුවන් යානයක් කඩා වැටෙයි..
පුද්ගලයින් 85ක් රැගත් පිලිපීන හමුදාවවේ C-130 ගුවන් යානයක් කඩා වැටී අනතුරට ලක් වූ බව විදෙස් මාධ්‍ය වර්තා කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය එරට දකුණු දිග ප්‍රදේශයට කඩාවැටී ඇති බවයි. කෙසේ වෙතත් යානයේ සිටි පුද්ගලයින් 40 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව සඳහන්ය.

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද දිවයිනට..
සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ. එම එන්තත් තොගයත් සමඟ චීනයේ රජය මඟින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනෝෆාම් මාත්‍රා ගණන ලක්ෂ 41ක් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන ” ෆයිසර්” එන්නත් පළමු තොගය හෙට(05) මෙරටට ලැබීමට නියමිත බව සඳහන්ය. සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කළේ, එම තොගයට එන්නත්…

Lockdown ප්‍රදේශ: දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි..
දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මුලතිව්, කෑගල්ල, සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් අද(03) උදෑසන 6.00 සිට හුදකලා (Lockdown) කර ඇත. මේ අතර දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද(03) උදෑසන 6.00 සිට…

ප්‍රදේශ කිහිපයකට අදත් ගිගිරුම් සහිත වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි. තව ද ඌව…

කොරෝනා මරණ 37ක්..
තවත් කොරෝනා ආසාදිත මරණ 37ක් පසුගිය 29 වන දා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සලඳහන් කළේය. ඔහු විසින් ඊයේ (01) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 12 දෙනා කාන්තාවන් වන අතර අවුරුදු 30 ට අඩු එක් ආසාදිතයෙකු ද සිටී. තව ද අවුරුදු 30 –…

කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ දෙන්නේ නැහැ – චීන ජනපති..
බාහිර කිසිවෙකුටත් තම රටට හිරිහැර කිරීමට ඉඩ නොතබන බවත් එවැනි උත්සාහ දරන්නන්ට චීන ජනතාවගේ යකඩ මහා ප්‍රාකාරය හමුවේ හිස කුඩු කර ගැනීමට සහ ලේ වගුරුවන්නට සිදුවනු ඇති බවටත් චීන ජනාධිපතිවරයා ඊයේ (01) අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළ ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින්ය. විදෙස් මාධ්‍ය…

ව්‍යාපාරික ප්‍රජාවට අගමැතිගෙන් පණිවිඩයක්..
සේවා ස්ථාන වන සේවකයින් ඉවත් නොකර ඔවුන් රැක ගනිමින් කොරෝනා වංසගතය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ, අරලියගහ මන්දිරයේදී පැවැත්වන ලද ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට එක්වෙමිනි. එහි දී බැංකු…

වී මිල දී ගැනීම ඇරඹේ..
මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන යල කන්නයේ වී මිල දී ගැනීම අද (01) ආරම්භ විය. ඒ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික්ක 19 ක අද (01) සිදු කිරීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා සඳහන් කළේ, යල කන්නයේ වී අසවනු නෙළීම මඩකලපුව,කිලිනොච්චි…

ප්‍රදේශ කිහිපයකට තද වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ…

සයිනොෆාම් මාත්‍රා මි. 2 ක් ලබන සතියේ..
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව එම තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ද මෙරට හදිසි…