
Gossips

රටවල් 6 කින් එන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර නැහැ – විල් ගුවන් සේවා අධිකාරිය..
එළඹෙන ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ. ඒ අනුව බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානය යන රටවල මඟීන් මෙලෙස ගොඩ බැසීමට අවසර ලබා නොදෙන රටවල් ලයිස්තුවට ඇතුළත්…

මොඩර්නා කොවිඩ් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අවසර..
මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබේ. අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත, ඉන්දියාව සිය පුරවැසියන්ට ලබාදීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නතය. ඉන්දියාව තුළ මේ වන විටත් කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් එන්නත්කරණය සඳහා යොදා ගනු ලබයි. මොඩර්නා එන්නත, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව, අධ්‍යයනයකින් තහවුරු වී ඇති අතර…

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 ඉක්මවයි..
මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය. ඒ පසුගිය 28 වන දා මෙරටින් කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමගය. ඒ අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවු අය සෞඛ්‍ය අංශ සඳහන් කරයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බවයි….

විනය කඩ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා දිවයිනට..
ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යෑමේ වරදට තරග තහනමකට ලක් කර සිටින නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ඊයේ(29) යළි දිවයිනට පැමිණි තිබේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණී ඔවුන් තිදෙනා පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය…

මියගිය කැස්බෑ සිරුරක් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි..
ඊයේ (29) දින මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට මියගිය කැස්බෑවකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබිණ. එම කැස්බෑවගේ බර කිලෝග්රෑම් 50 අධික බව වාර්තා වේ. පසුගිය මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වීමත් සමග මාසයක පමණ කාලයක සිට දිවයිනේ දකුණු වෙරළ තීරයට මෙලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු සත්ත්වයින් ගොඩ ගැසීම…

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි..
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්, සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි කඩ කරමින් සිය සහයිකාවක වන ජිනා කොලඩන්ජෙලෝ නමැත්තිය ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ඡායාරූපයක් එරට මාධ්‍ය මගින් පළ කිරීමත් සමග මෙසේ සිය ඉල්ලා අස්වීම සිදු කර ඇති බවයි. ඔහු සිය ඉල්ලා අස්වීම…

බස් හා දුම්රිය ගමන්වාර ඉහළට..
අද (28) සිට ක්‍රියාත්මක වන පරිදී බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළ නැංවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ගමන් වාර 70ක් අද (28) දිනයේ සිට අලුතින් ක්‍රියාත්මක වන බවත් අන්තර් පළාත් දුම්රිය ධාවනය කිරීමට මේ දක්වාත් අවසර ලබා දී නොමැති බවත්ය. තව ද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි…

අද සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් ඇරඹේ..
අද (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්ට පමණක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාව අද (28) ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි..
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඒ අනුව ගිඟුරුම්…

නිරෝධායන රෙගුලාසි සංශෝධනය කෙරේ..
විදේස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර ඇත. එළඹෙන ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට…