Headlines

    කොලොම්බියා ජනපතිට වෙඩි ප්‍රහාරයක්..

    කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් හා  තවත් ප්‍රභූන් කිහිප දෙනෙකු ගමන් ගත් හෙලිකොප්ටර් යානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි,ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලා දේශසීමාව ආසන්නයෙන් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානයට මෙම වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙන අතර ජනාධිපතිනරයට අමතරව එරට ආරක්ෂක අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු එම යානයේ සිටි බව සඳහන්…

    Read More

    පුද්ගල මළ සිරුරක් කැලණි ගඟේ…

    අත් පා ගැට ගසා දමන ලද පුද්ගල මළ සිරුරක් නවගමුව, රණාල ප්‍රදේශයේදී කැලණි ග‍ඟේ පා වෙමින් තිබියදී ඊයේ (26) සවස හමු විය. වයස අවුරුදු 54 ක් පමණ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගන ඇති අතර හමුවූ මළ සිරුර හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකුගේ බවට අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ මළ සිරුරේ දෑත්…

    Read More

    මීට වසර ලක්ෂයකට පෙර ජීවත් වූ මානව වර්ගයක් සොයා ගනී..

    මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක  පොසිල කොටස් ඊශ්‍රායලයේ රම්ලා නගරයේ තිබී‍ සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට වසර එක් ලක්ෂ 40,000ත් එක් ලක්ෂ 20,000ත් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ ඇති බවයි. ඒ අනුව එම අලුතින් සොයාගත් හිස් කබල අයත්…

    Read More

    මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි..

    පසුගිය 22 වනදා  කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේය. එම අධීකාරයි සඳහන් කළේ, ගින්න නිවා දමා ඇත්තේ නෞකා කාර්ය මණ්ඩලය විසින් බවයි. MSC මෙසීනා නෞකාව දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක්…

    Read More

    ඇමෙරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 100 ක් අතුරුදන්..

    ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී නගරයේ මහල් 12කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන ඇති බවයි. මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ…

    Read More

    ජනපති අද ජාතිය අමතයි..

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව අද (25) රාත්‍රී 8.30 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. එහි දී ජනාධිපතිවරයා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා සහ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවිව විකාශය…

    Read More

    සංචරන සීමා ලිහිල් කෙරේ – මුහුණු ආවරණ පැළඳීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානයක්..

    දිවයින පුරා පනවා තිබූ  සංචරණ සීමා අද (25) අලුයම 4.00 ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව එදිනදා කටයුතු කිරීමේදී අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසය. ඒ අනුව අද (25) දිනයේ මුහුණු ආවරණ පැළදීමට අදාළ නීතිය…

    Read More

    මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුර..

    මෙරට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ ‍ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය. ඒ මහතා සඳහනක් කළේ,…

    Read More

    බ්‍රිතාන්‍ය නෞකාවකට රුසියාවෙන් ගුවන් ප්‍රහාර..

    රුසියාව විසින් සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බ්‍රිතාන්‍ය නෞකාවකට අනතුරු ඇඟවීමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව රුසියාව සඳහන් කරයි. එම බ්‍රිතාන්‍ය යුද නෞකාව කළු මුහුද ඔස්සේ යාත්‍රා කර, ක්‍රිමියාව හරහා සිය මුහුදු සීමාව උල්ලංඝණය කර ඇති බව රුසියානු හමුදාව ප්‍රකාශ කළේය. රුසියානු හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ, එම අවස්ථාවේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් බ්‍රිතාන්‍ය…

    Read More

    කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි..

    ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදීය. මිය යන විට 71 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ නර්ථන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් කළ අතර මෙරට පාරම්පරික කලාව රැකගැනීමට ද ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරන ලදී. බුදවත්ත ගුරුකුලය මුලික කරගනිමින් දේශීය උඩරට නර්තන කලාවට ජීවය ලබාදුන් පරපුරක සාමාජිකයෙක්…

    Read More