Headlines

    රටේ ඉන්ධන හිඟයක් නෑ – ආණ්ඩුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

    රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවී තිබෙන පෝලිම් පිළිබඳ අද (1) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අනිල් ජයන්ත මහතා පෙන්වා දුන්නේ රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන…

    Read More

    ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

    ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ මෙතෙක් ඔවුන් ලබා ගත් 03%ක මුදල අනීතික බවය. “මේ ගොල්ලන්ට…

    Read More

    පොලිස් නිලධාරීන්ට වෙනම වැටුප් ව්‍යුහයක් ලබන අයවැයේදී

    පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවය. එමෙන්ම කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති බවත් අවුරුදු කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු…

    Read More

    මෙරට වරාය සහ ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් ආයෝජන

    ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.  ජපාන රජය මෑතකදී ආරම්භ කළ…

    Read More

    ජල සැපයුම බිඳ වැටිය හැකියි – උස් ප්‍රදේශවලට බවුසර් මඟින් මුර ක්‍රමයට ජලය

    මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.  නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස්…

    Read More

    හිටපු ජනපති රනිල් ඉන්දියාවට

    සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යෑමට නියමිතව තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) මෙම දේශනය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වති….

    Read More

    ඉන්ධන අලෙවියට ෂෙල් ශ්‍රී ලංකාවට

    අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කළේය. ඒ, මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි. RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත. මෙය 2023…

    Read More

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

    මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක්…

    Read More

    විශේෂ පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

    ඌව සහ සබරගමුව පළාත්වල රජයේ සියලු දෙමළ පාසල් ලබන 27 වනදා වසා තැබීමට තීරණය කර තිබේ. හෙට (26) දිනයට යෙදෙන මහශිව රාත්‍රී දිනය නිමිත්තෙන් අදාළ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ප්‍රකාශ කළේය. කෙසේවෙතත් අදාළ නිවාඩු දිනය වෙනුවෙන් එළැඹෙන මාර්තු මස 01 වන සෙනසුරාදා අතිරේක පාසල් දිනයක් අදාළ…

    Read More

    ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

    ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු…

    Read More