Headlines

    දුම්රිය ධාවනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට පියවර රැසක්

    දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඒ තුළින් දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව පවතින බවය. “මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර…

    Read More

    අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

    හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.

    Read More

    එක මිටට, ගොවි බිමට ප්‍රදේශ කිහිපයකදී ඇරඹෙයි

    මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් පවත්වා ගැනීම ඇතුළු කරුණු අරමුණු කරගත් ”එක මිටට, ගොවි බිමට” වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ඊයේ (15) ආරම්භ විය.  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මකයි. එක මිටට ගොවි බිමට ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩසටහන ඊ් යෙල්ගහවෙලදී ආරම්භ වූයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙනි. ආහාර…

    Read More

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

    ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි…

    Read More

    නව EPF කළමනාකරණ පද්ධතියක්

    නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ. 2024 ඔක්තෝබර් මාසය…

    Read More

    ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

    ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

    Read More

    DMT නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට 

    මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක්කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි,…

    Read More

    වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි

    වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවය. වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන්…

    Read More

    කර්මාන්ත සඳහා පොල් ආනයනයට අවසර

    පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට අවසර හිමි වේ. මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල්…

    Read More

    ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම වැඩ – දිනකට පාස්පෝට් 4,000ක්

    විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ඒ අනුව දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමට නියමිත බවය. එම සේවය ලබාදීමට…

    Read More